* ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායම සරල බහුතරයක් පතයි.
* ශී‍්‍රලනිපය, එජාපය තවදුරටත් ප්‍රධාන පක්ෂ නොවේ.
* එජාපය දුර්මුඛ කළ සමගි ජන බලවේග මෙහෙයුම
එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස තම දේශපාලන මූලස්ථානය ‘සිරිකොතට’ නුදුරින් මාර්තු 09 දින පිහිටුවීය. සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය ‘සිරිකොතට’ ආසන්නයේ පිහිටුවීම ඇත්ත වශයෙන්ම එජාප නායක රනිල් වික්‍රමසිංහට අභියෝගයකි. මාර්තු 02 නෙළුම් පොකුණ රඟහලේදී සමගි ජන බලවේගය ජනතාවට ඉදිරිපත් කෙරිණි. උත්සව දෙකටම රනිල් වික්‍රමසිංහ සහභාගි නොවීය. එජාප නායකයාට එරෙහිව නොයෙකුත් අවස්ථාවල පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම්කාරී තත්ත්වයන් ඇති විය. ඒ කිසිදු අවස්ථාවකදී එජාප නායකයා අසරණ වූයේ නැත.
නමුත් සජිත් පේ‍්‍රමදාස 2019 නොවැම්බර් 16 දින ජනපතිවරණයේදී තමන් ලැබූ පරාජයෙන් පසු ගත් දේශපාලන තීන්දු තීරණ රනිල් වික්‍රමසිංහට බලවත් අභියෝගයක් වී ඇත. එජාප නායකයා අවසන් මොහොත වනතුරු බලාපොරොත්තු වූයේ සජිත් පේ‍්‍රමදාස ‘අලියා’ ලාංඡුනයෙන් තරග කිරීමට නම්මවා ගත හැකි බවය.
මීට පෙර අවස්ථා කිහිපයකදීම එජාප නියෝජ්‍ය නායකයා අවසන් මොහොතේ තමන් ගත් සටන් කි‍්‍රයාමාර්ගයෙන් ඉවත් විය. රනිල් වික්‍රමසිංහගේ අණසකට යටත් විය. නමුත් මෙවර සටන නාම යෝජනා භාර ගැනීම ආරම්භ කිරීමට නියමිත මාර්තු 12 ට පෙර අවසන් වූයේ සජිත් පේ‍්‍රමදාසට ඉතාමත් වාසිදායක ආකාරයට බව පැහැදිලිය.
රනිල් වික්‍රමසිංහ කෘත්‍යාධිකාරී මණ්්ඩලයේ බලය සම්බන්ධයෙන් විශ්වාසය තබා සිටියේය. එජාප නායකයා බලාපොරොත්තු වූයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හරහා තම දෙවැනියා මෙල්ල කර ගැනීමටයි. එජාප නියෝජ්‍ය නායකයා විශ්වාසය තැබුවේ එජාප නායකත්වයෙන්ම කි‍්‍රයාත්මක වූ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයන් මතයි. පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය දිනා ගැනීම හේතුවෙන් මාර්තු 09 දින වනවිට තම බලය තහවුරු කර ගැනීමට සජිත් පේ‍්‍රමදාසට හැකි විය.
එජාපය සමග දිගටම දේශපාලනයේ යෙදුණ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය සහ ද්‍රවිඩ ප්රගතිශීලී පෙරමුණ සමගි ජනබලවේගයට එකතු වී හමාරය. ඇතුල්කෝට්ටේ අංක 815 දරන ස්ථානයේ මාර්තු 09 දින පැවැත්වූ උත්සවයේදී සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ හිටපු පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල නියෝජිතයන්ගෙන් 90% – 95% ක ප්‍රමාණයක් දැනටම තමන්ට එක්වී ඇති බවයි.
මාර්තු 02 දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැති උත්සවයට සහභාගි නොවූ වෛද්‍ය රාජිත සේනාරත්න සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමට පැමිණියේය. නුවර නායක ලක්ෂ්මන් කිරිඇල්ල, මාතර නායක මංගල සමරවීර, මොනරාගල නායක රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු හිටපු පාර්ලිමේන්තු කණ්ඩායමේ අති බහුතරය සමගි ජන බලවේගයට එකතු වී හමාරය.
එජාප නායකයා තම දේශපාලන ජීවිතයේ ප්රබලතම අභියෝගයට මුහුණ දී ඇත. එජාප ලාංඡුනය වන ‘අලියා’ සිරිකොත සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය රනිල් වික්‍රමසිංහ රැුක ගැනීමට සමත් විය. නමුත් එජා පාක්ෂිකයාගේ බලය සහ රජයට එරෙහි අනෙකුත් බලවේග සජිත් පේ‍්‍රමදාසට එකතු වී හමාරය.
ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක සජිත් පේ‍්‍රමදාසට ප්‍රබල ශක්තියක් වී ඇත. සජිත් පේ‍්‍රමදාස අවසන් මොහොතේ හෝ දමනය කර ගැනීමට එජාපය කි‍්‍රයාත්මක කළ මෙහෙයුම ව්‍යර්ථ කිරීමට ප්‍රබල දායකත්වයක් පාඨලී චම්පික රණවක සැපයීය.
සමගි ජන බලවේගය ප්‍රබල ස්ථානයක බව පැහැදිලිය. මාර්තු 09 දින සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමට සහභාගි නොවූ රනිල් වික්‍රමසිංහ සමග සිටි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු කණ්ඩායමට සජිත් පේ‍්‍රමදාසට එකතු වීම හැර වෙන විකල්පයක් නැත. පවතින තත්ත්වය මත ‘අලියා’ ලාංඡුනයෙන් තරග කිරීම සිය දිවි හානි කර ගැනීමකි. නැති බලයක් පෙන්වීමට රනිල් වික්‍රමසිංහ එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් හරහා තම පක්ෂය ‘අලියා’ ලාංඡුනය යටතේ මැතිවරණ දිස්ති‍්‍රක්ක 22 ටම තරග කරන බව පසුගියදා මැතිවරණ කොමිසම දැනුවත් කළේය. එම දැනුම් දීමත් සමගම සජිත් පේ‍්‍රමදාස තම බලය පෙන්නුවේය. සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමට හිටපු එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය සහභාගි විය. රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායමට සමගි ජන බලවේගයට එකතු වීම හැර වෙන විකල්පයක් නැත.
මෙම ලිපිය මාර්තු 11 සම්පාදනය කරන අවස්ථාවේ නාම යෝජනා භාර දීම ආරම්භ වී නොමැත. නමුත් දේශපාලන භූමියේ තත්ත්වය මත එජාපයට වෙනම පක්ෂයක් ලෙස තරග කිරීමට අවස්ථාවක් නැත. සමගි ජන බලවේගයේ ලාංඡුනය සජිත් පේ‍්‍රමදාස බව අමුතුවෙන් කිව යුතු නොවේ. මැතිවරණ කොමිසමේ නීතිරීතිවලට අනුව තරග කරන සෑම පක්ෂයකටම ලාංඡුනයක් අවශ්‍යය. නමුත් සමගි ජන බලවේගයේ සැබෑ ලාංඡුනය සජිත් පේ‍්‍රමදාසය. එජාප අභ්‍යන්තර යුද්ධයෙන් සජිත් පේ‍්‍රමදාස ජයග්‍රහණය කර හමාරය. සජිත් පේ‍්‍රමදාස ගත් කි‍්‍රයා මාර්ගයන් සමග 2020 අපේ‍්‍රල් 25 මහ මැතිවරණයට ඉදිරිපත් වන ප්‍රබලම පක්ෂ දෙක ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගයයි.
එජාපයට ‘අලියා’ ලාංඡුනය හරහා තරග කිරීමෙන් කිසිදු යහපතක් නොවේ. එජාපය අනුවණ කි‍්‍රයාමාර්ගයක් ගතහොත් පාර්ලිමේන්තු මැතිවරණයේදී එම පක්ෂය බරපතළ පසුබෑමකට ලක්වනු ඇත.
රනිල් වික්‍රමසිංහගේ එජාපයට කළ හැක්කේ මෛති‍්‍රපාල සිරිසේනගේ ශී‍්‍රලනිපය මෙන්ම තමන්ගෙන් වෙන්වූ කණ්ඩායම හරහා ඡුන්දයට ඉදිරිපත් වීමයි. වෙන කළ හැකි දෙයක් නැත. ශී‍්‍රලනිපය මෙන්ම එජාපය ද සැබැවින්ම අසරණය. එම පක්ෂ දෙකටම කර කියා ගන්නට දෙයක් නැත. සැබැවින්ම තරගය ඇත්තේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය අතරය.
1989 මනාප ඡුන්ද ක්‍රමය හඳුන්වා දීමෙන් පසු පැවැත්වෙන 08 වැනි මහ මැතිවරණය 2020 අපේ‍්‍රල් 25 පැවැත්වේ. එජාපය සහ ශී‍්‍රලනිපය තවදුරටත් ප්‍රබල සාධකයක් නොවන තරමටම ශී‍්‍ර ලංකා දේශපාලනය වෙනස් වී ඇත.
ශී‍්‍රලනිප සහ එජාප නායකයන් දෙපළ තම දේශපාලන ජීවිතයේ කිසිදා මුහුණ නොදුන් අභියෝගයකට ලක්වී ඇත. සමගි ජන බලවේගය රනිල් වික්‍රමසිංහට විවෘත ආරාධනයක් කර ඇත. නමුත් සමගි ජන බලවේගය එම ආරාධනාව අවංක සිතින් කළාද? සමගි ජන බලවේගය බලාපොරොත්තු වන්නේ එජාප නායකයාට තවදුරටත් දේශපාලනයේ රැුඳී සිටීමට අවශ්‍ය නම් තම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇතුළු වීමට අවස්ථාවක් දීමටය.
රනිල් වික්‍රමසිංහ ජාතික ලැයිස්තුවට දමා සජිත් පේ‍්‍රමදාස කොළඹින් මහ මැතිවරණයට ඉදිරිපත් වීම සමගි ජන බලවේගය කි‍්‍රයාත්මක කරන මෙහෙයුමේ උච්චම අවස්ථාවකි.
පසුගිය මහ මැතිවරණ කිහිපයකදීම හම්බන්තොට දිස්ති‍්‍රක්කයෙන් තරග කර පාර්ලිමේන්තුවට ඇතුළු වූ සජිත් පේ‍්‍රමදාස මෙවර කොළඹින් ඉදිරිපත් වීම විශේෂය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාර්ලිමේන්තු දේශපාලනයට ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ඉදිරිපත් වීමත් සමගම
ගම්පහ නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ කොළඹින් පාර්ලිමේන්තුවට ඇතුළු විය. 2020 අපේ‍්‍රල් 25 මහ මැතිවරණය එජාප නායකයාගේ දේශපාලන අනාගතය තීන්දු කරනු ඇත.
හිටපු ජනපති මෛති‍්‍රපාල සිරිසේන ද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග බරපතළ ගැටලූවකට මැදි වී ඇත. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇතුළු වීමට කළ යෝජනාවට, හිටපු ජනපතිවරයා තමන් පොලොන්නරුවෙන් තරග කරන බව පවසා ඇත. හිටපු ජනපතිවරයා සහ පොලොන්නරුවෙන්ම තරග කරන රොෂාන් රණසිංහ අතර ඇති වී ඇති ගැටුම්කාරී තත්ත්වය අප රටේ දේශපාලනයේ සැබෑ ස්වරූපය පෙන්නුම් කරයි. පාර්ලිමේන්තු දේශපාලනය සැබැවින්ම අසික්කිතය. අවලස්සනය. හිටපු ජනපතිවරයා තමන් උකුස්සකු ලෙස පහර දෙන බව පොලොන්නරුවේදී පැවසීමත් සමගම ඇති වූ තත්ත්වය එතුමාට ඉතාමත් අහිතකර ලෙස බලපා ඇති බව තේරුම් ගැනීමට අපහසු නොවේ.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ති‍්‍රක් නායක ප්‍රසන්න රණතුංග හිටපු ජනපතිවරයාට පමණක් නොව එතුමා සමග සිටින සමස්ත කණ්ඩායමටම මෑතකදී පහර දුන්නේය.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හරහා තරග කරන ශී‍්‍රලනිප අපේක්ෂකයන් ප්‍රතික්ෂේප කළ යුතු බව ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර ඇත. අනෙකුත් ප්‍රබලයන් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර නැත. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ උපාය මාර්ගය පැහැදිලිය.
එම පක්ෂයට අවශ්‍ය සරල පාර්ලිමේන්තු බලය ශී‍්‍රලනිපය නොමැතිව ලබා ගැනීමයි. ශී‍්‍රලනිපය සැලකිය යුතු ආසන ප්‍රමාණයක් ලබා ගැනීම ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට ප්‍රශ්නයක් විය හැක. පවතින තත්ත්වය යටතේ කිසිදු ආකාරයකට තුනෙන් දෙකේ බලයක් පාර්ලිමේන්තුවේ හිමි කර ගැනීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට හැකියාවක් නැත. එම පක්ෂයේ නායකත්වය එම තත්ත්වය තේරුම් ගෙන ඇත. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ඒකායන බලාපොරොත්තුව ශී‍්‍රලනිපය නොමැතිව පාර්ලිමේන්තුවේ සරල බහුතරය ලබා ගැනීමයි.
සමගි ජන බලවේගයේ උත්සාහය කෙසේ හෝ සරල බහුතරය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට අහිමි කිරීමයි.
1989 සිට පැවැති මහ මැතිවරණ 07 දී සරල බහුතරය ජයග්‍රාහී පක්ෂයට ලබා ගැනීමට හැකි වූයේ 1989 (එජාප/ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාසගේ නායකත්වය යටතේ* සහ 2010 (එක්සත් ජනතා නිදහස් සන්ධානය/ ජනාධිපති මහින්ද රාජපක්ෂ) පමණය.
2019 නොවැම්බර් 16 දින ගෝඨාභය රාජපක්ෂ ලබාගත් ඡුන්ද සංඛ්‍යාව අනුව මහ මැතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට පහසුවෙන් ආසන 120 කට වැඩි ප්‍රමාණයක් ලබා ගත හැක. නමුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී එලෙස වීමට තිබෙන අවස්ථාව අඩුය. සත්‍ය තත්ත්වය එය බව මතක් කර දීමට කැමැත්තෙමි. කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම තුළ 2020 අපේ‍්‍රල් 25 මැතිවරණයට ද බලපෑමක් ඇති විය හැක. මෙවැනි තත්ත්වයක් පාලනය කිරීමේදී රජය මහජනතාවගේ දෝෂාරෝපණයට ලක්වීම වැළැක්විය නොහැක. මාර්තු 10, 11 දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් තම රටට පැමිණෙන ශී‍්‍ර ලාංකිකයන් සහ බලධාරීන් අතර ඇති වන ගැටුම්කාරි තත්ත්වය රජයට බලපානු ඇත.
කොරෝනා වෛරස පැතිරීම හේතුවෙන් ලෝක බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළ බැස ඇත. එම වාසිය වහාම ජනතාවට ලබා නොදීම සහ එම තත්ත්වය පිළිබඳව රජයේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ අදහස් හේතුවෙන් රජය ප්‍රහාරයට ලක් විය. තෙල් මිල වහාම පහත හෙළීමට කි‍්‍රයා නොකිරීම සමගි පෙරමුණ නායක සජිත් පේ‍්‍රමදාස තම වාසියට හරවා ගැනීම පිළිබඳව පුදුම විය යුතු නැත. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ විපක්ෂයේ සිටියා නම් අනුගමනය කරන්නේ සජිත් පේ‍්‍රමදාසගේ කි‍්‍රයා මාර්ගයමය.
ඕනෑම අවාසනාවන්ත තත්ත්වයක්, ජාතික අර්බුදයක් හෝ පක්ෂය තුළ ගැටුමක් තම වාසියට හරවා ගැනීමට ශී‍්‍ර ලංකාවේ සියලූ දේශපාලන පක්ෂ සූදානම්ය. නිදහසින් පසුව පක්ෂ දේශපාලනය ශී‍්‍ර ලංකාව විනාශ කර දැමූ ආකාරය තේරුම් ගැනීම අපහසු නැත.
19 වැනි සංශෝධනය තිබුණත් නැතත් මනාප ක්‍රමය අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර භාවය ආරක්ෂා කර ගැනීම පහසු නැත. 19 වැනි සංශෝධනය, තත්ත්වය තවදුරටත් රට අස්ථාවර කර ඇත. 2015 යහපාලන රජය ස්ථාපිත කළ 19 වැනි සංශෝධනය බටහිර අවශ්‍යතා මත ශී‍්‍ර ලංකාව මත පැටවූ මර උගුලක් බව තේරුම් ගත යුතුය. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට මහ මැතිවරණය සරල බහුතරයකින් ජයගත හැක. නමුත් කැබිනට් මණ්ඩලයේ නායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂක ඇමැති ධුරය හෝ වෙනයම් අමාත්‍ය ධුරයක් දැරිය නොහැක.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ තේරුම් ගත යුතු 2020 අපේ‍්‍රල් 25 මහ මැතිවරණයෙන් පසුව මුහුණ දෙන පාර්ලිමේන්තුවේ අභියෝගය සුළුපටු නොවේ. සජිත් පේ‍්‍රමදාසගේ සමගි ජන බලවේගයට ද්‍රවිඩ ජාතික සන්ධානය හෝ ජවිපෙ හිතවත් නැත. නමුත් එම පක්ෂ දෙක ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට එරෙහිව සජිත් පේ‍්‍රමදාසගේ පිල සමග එකතු වනු ඇත.
2010 ජනපතිවරණයේදී ජෙනරාල් සරත් ෆොන්සේකාට සහයෝගය පළ කළ එජාපය, ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය සහ ජවිපෙ එක කණ්ඩායමක් ලෙස තවදුරටත් කටයුතු කරනු ඇත. ශී‍්‍රලනිපය ද යම් ආකාරයකට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට එරෙහි ස්ථාවරයක් ගැනීමට අවස්ථාව ඇත. ශී‍්‍රලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර ඡුන්ද දායකයන්ට කල්පනාකාරීව තව මනාප පළ කිරීමට කළ ඉල්ලීම පැහැදිලි අනතුරු ඇඟවීමකි. මෙතුවක් කල් ශී‍්‍ර ලංකා දේශපාලනයේ ඉහළින්ම වැජඹුණ එජාපය සහ ශී‍්‍රලනිපය මාරාන්තික, මරාගෙන මැරෙන සටනක යෙදී සිටී. එම පක්ෂ දෙකම සිටින්නේ කිසිදු ආකාරයකට භූමියේ තත්ත්වය වෙනස් කළ නොහැකි තත්ත්වයකය.
එක්තරා ආකාරයකට වේලූපිල්ලේ ප්රභාකරන් නන්දිකඩාල් කලපුවේ මුහුණ දුන් තත්ත්වයට සමානය. ශී‍්‍රලනිපයට ආසන 10 ක් ජය ගැනීමට නොහැකි තත්ත්වයකට අද පත් වී ඇත. එජාපය ‘අලියා’ ලාංඡුනය යටතේ තරග කිරීම ඉතාමත් අනුවණ කි්රයාවක් බව දනී. කෙසේ වෙතත් එජාපය මහ ඡුන්දයට ඉදිරිපත් වුවහොත් එම පක්ෂයට ද ආසන 10 ක් ලබා ගැනීමට ශක්තියක් නැත.
ඇත්ත වශයෙන්ම ප්‍රධාන පක්ෂ දෙකටම අත්වූ ඉරණම ඛේදවාචකයකි. එජාපය සහ ශී‍්‍රලනිපය විනාශ වූයේ ඇයි? එජාප නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් කි‍්‍රයාත්මක වූ යහපාලන රජය පක්ෂ දෙකම විනාශයට යොමු කළේය. විනාශ කළේය. ඉතාමත් කෙටියෙන් සඳහන් කළහොත් 2015 ජනවාරි 09 ජනපති ලෙස දිවුරුම් දුන් මෛති‍්‍රපාල සිරිසේනගේ පාලනය පළමුවැනි ප්‍රහාරයට ලක්වන්නේ එජාපය 2015 පෙබරවාරි 27 මහ බැංකු බැඳුම්කර වංචාව කළ නිසාය. වංචාව සම්බන්ධ ඩිව් ගුණසේකර ඉදිරිපත් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැළැක්වීමට 2015 ජුනි 26 දින ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. එජාපය බේරා ගත්තේය. 2015 අගෝස්තු 17 මහ මැතිවරණය කැඳවිණි. මහ ඡුන්දයට දින කිහිපයකට පෙර මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණයට මෙහෙයවුවත් එතුමාට අගමැති ධුරය නොදෙන බව ප්‍රකාශ කළ එවකට ජනාධිපති සිරිසේන එම කණ්ඩායමේ වෛරයට පාත්‍ර විය. එජාපය ජයග්‍රහණය කළේය. ජනාධිපති සිරිසේන සමග එක්සත් ජනතා නිදහස් සන්ධානය එජාපය සමග හවුල් රජයක් පිහිටුවීය.
එම හවුල් රජය යුද්ධය ජය ගත් ශී‍්‍ර ලංකා හමුදාව ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේදී බටහිර ප්‍රජාවට පාවා දුන්නේය.
ශී‍්‍රලනිපයට, ජිනීවා නුවර කළ පාවා දීමෙන් කිසි ලෙසකින්වත් අත සෝදා ගත නොහැක. අදටත් ජිනීවා ගිවිසුම වලංගුය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය 2015 ඔක්තෝබර් 01 දින අත්සන් කළ යෝජනාවට දැක්වූ සම දායකත්වයෙන් ඉවත් වුවත් ප්රශ්නය විසඳී නැත.
එජාප – ශී‍්‍රලනිප රජය යටතේ නැවතත් මාර්තු මස 2016 අවසන් සතියේ මහ බැංකුව දෙවරක් මංකොල්ල කෑවේය. ජනාධිපති සිරිසේන 2017 ජනවාරි වනතුරු ජනාධිපති කොමිසම පත් කිරීමෙන් වැළකී සිටියේය. 2017 දෙසැම්බර් මස එම ජනපති වාර්තාව භාරදෙන විට ¥ෂිත මහ බැංකු අධිපති සිංගප්පූරු ජාතික අර්ජුන මහේන්ද්‍රන් රටින් පිට වී ගිය බව අපට මතකය.
2017 දී ජිනීවා ගිවිසුම තවදුරටත් බලපැවැත්වෙන පරිදි යහපාලන රජය ජිනිවාහිදී 34/1 අත්සන් කළේය. පළාත් පාලන ඡුන්දය දිගින් දිගටම කල් දැමූ යහපාලන බලවතුන් අවසානයේ 2018 පෙබරවාරි 10 එම ඡුන්දය පැවැත්වීය. එජාපය සහ ශී‍්‍රලනිපය වෙන වෙනම තරග කිරීම් තුළ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට පහසු ජයක් ලබා ගැනීමට අවස්ථාව උදා විය. බැසිල් රාජපක්ෂගේ නායකත්වය යටතේ බිහිවූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට නැතහොත් ‘පොහොට්ටු’ පක්ෂයට ජයග්‍රාහී මාවතට පිවිසීමට එජාපය සහ ශී‍්‍රලනිපය මඟ පෑදුවේය. අවසන් පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නැවත හැරී බැලීමක් කළහොත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ බිහිකිරීමේ ප්‍රධාන සාධකය එජාපය සහ ශී‍්‍රලනිපය බව තේරුම් ගැනීමට අපහසු නොවනු ඇත.
අදටත් රනිල් වික්‍රමසිංහ මහ බැංකු බැඳුම්කර මගඩියේ හිරවී ඇත. එජාප නායකයාගේ ප්‍රධානතම ආධාරකරුවකු වන යහපාලන මුදල් සහ විදේශ ඇමැති රවි කරුණානායකට මහ බැංකු වංචාව සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කිරීම ද එජාප නායකට බලපෑවේය. එජාප නායකයා සහ නියෝජ්‍ය නායකයා අතර ගැටුම තීව්ර වී තිබූ අවස්ථාවක උසාවි නියෝගයක් හේතුවෙන් නීතියෙන් සැඟවීමට රවි කරුණානායකට සිදුවීම රනිල් වික්‍රමසිංහට එල්ල කළ මරු පහරකි. එම තත්ත්වය මත සමගි ජන බලවේගය රවි කරුණානායකට හිමි යැයි කියන නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ (හංසයා* හරහා තරග කිරීමට තිබූ අවස්ථාව ද ඇහිරිණි.
රනිල් වික්‍රමසිංහගේ දේශපාලන අනාගතය මෙන්ම රවි කරුණානායකගේ ද ඉදිරි පියවර තවම පැහැදිලි නැත. කරුණානායක සමගි ජන බලවේගයෙන් තරග කිරීමට ඉදිරිපත් වේද? මෙම ලිපිය සම්පාදනය කරන අවස්ථාවේදී නාම යෝජනා භාරදීම ආරම්භ වී නැත. එජාපය බරපතළ අවුලක බව පැහැදිලිය. වජිර අබේවර්ධන, දයා ගමගේ, පාලිත තෙවරප්පෙරුම, පාලිත රංගේ බණ්ඩාර ඇතුළු කණ්ඩායම කුමන කි‍්‍රයා මාර්ගයක් ගනීවිද?
සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ ප්‍රධානතම විපක්ෂ බලවේගය වීම වැළැක්විය නොහැක. ජවිපෙ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය සමග එකතු වී පාර්ලිමේන්තුවේ සරල බහුතරයට ආසන්න වීමට සජිත් පේ‍්‍රමදාසගේ නායකත්වයෙන් යුතු දේශපාලන බලවේගයට හැකිය.
2019 ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාසට සහයෝගය දුන් ද්‍රවිඩ ජාතික සන්ධානය සමගි ජන බලවේගය සමග කණ්ඩායමක් ලෙස කටයුතු කරනු ඇත. ශී‍්‍ර ලංකාව අවුල් කිරීමට කොරෝනා වෛරසයක් අවශ්‍ය නොවේ. රට අවුලෙන් අවුලට පත් කිරීමට පාර්ලිමේන්තුවට හැකි බව දිගින් දිගටම ජනතාවට පෙන්නුම් කර ඇත.
හිටපු රාජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධනගේ 23 වසරක දේශපාලන ජීවිතය සැමරීමට මාර්තු 08 කළුතරදී පැවැති උත්සවයකදී ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ, 225 න් සමන්විත පාර්ලිමේන්තුව අපූරුවට නිර්වචනය කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ තබාගෙන පූජ්‍ය අභයතිස්ස හිමියෝ ප්‍රකාශ කළේ ශී‍්‍ර ලංකාවේ මහජන නියෝජිතයන් මුදලට ඇඟ විකුණන
ගැහැනියක් තරම්වත් ප්‍රතිපත්තියක් නැති පිරිසක් බවයි. පූජ්‍ය අභයතිස්ස හිමියෝ හිටපු කථානායක කරු ජයසූරිය ලෝකයේ තිබෙන පාර්ලිමේන්තු 170 අතරින් ඉතාමත් ඉහළ ස්ථානයක සිටින බව පැවසූ මැතිසබයේ සැබෑ තත්ත්වය පෙන්වා දී ඇත. කෝටි ප්‍රකෝටි ගණනක් මහජන මුදල් වියදම් කරමින් වෛශ්‍යාවකට තරම්වත් ප්‍රතිපත්තියක් නොමැති පුද්ගලයන් පාර්ලිමේන්තුවට පත් කිරීමේ තේරුමක් තිබේද? එවැනි ප්‍රතිපත්තියක් නොමැති කණ්ඩායම (කුමන පක්ෂය නියෝජනය කළත්) බහුතරය හිමිකර ගෙන ඇති බව පැහැදිලිය.
ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු
Divaina – Irida
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...