කොවිඩ් -19 වෛරසය ශරීරගත වූ පුද්ගලයන් එකොළොස් දෙනකු (සුවය ලබා පිටව ගිය චීන ජාතික කාන්තාවද ඇතුළුව) ඊයේ (16 වැනිදා) පෙරවරුව වනවිටදී හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
කෝවිඩ් -19 වෛරසය ශරීරගත වූ බවට තහවුරු වූ අවසන් රෝගියා පෙරේදා (14 වැනිදා) හඳුනාගත් බවද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
එම වෛරසය ශරීරගතවී ඇති බවට වූ සැකය මත ඊයේ (16 වැනිදා) පෙරවරු 10.00 වන විටදී පුද්ගලයන් එකසිය දහතුන්දෙනකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියේය. මෙම පිරිස අතරින් නවදෙනකු විදේශිකයන්ය.
වසංගත රෝග විද්‍යා අංශය විසින් ඉදිරිපත් කරන ලද ලෝක තත්ත්ව වාර්තාවට අනුව රටවල් 135කින් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 142,539 ක් හඳුනාගෙන තිබේ. මෙම පිරිස අතුරින් 81,029ක් චීනයෙන්ද, 61,518 ක් සෙසු රටවලින්ද හඳුනාගෙන ඇත.
වෛරසය හේතුවෙන් මියගිය ගණන 5393 කි. මේ අතුරින් මරණ 3,194 ක් චීනයෙන් සහ වෙනත් රටවලින් මරණ 2199ක් වාර්තාවී තිබේ.
මෙරට විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ කෝවිඩ්-19 වෛරසය පිළිබඳ පුවත් වාර්තා මෙසේය.
ඉතාලිය ඇතුළු තවත් රටවල් කිහිපයකින් පසුගිය දිනවල මෙරට පැමිණ තම නිවෙස් වලට ගොස් සිටින පිරිස් සොයා, ඔවුන්ව නිරෝධායනය කිරීමේ වැඩසටහනක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර ඇත. ඒ අනුව, එම පිරිස් ඔවුන්ගේ නිවාස වලම රඳවාගෙන අවශ්‍ය නිරෝධායන කටයුතු සිදු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු අරඹා ඇත.
වෙන්නප්පුව, මාරවිල, දංකොටුව, නාත්තණ්ඩිය, මහවැව යන ප්‍රදේශවල පදිංචිකරුවන් 300 කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය දිනවල විදෙස්ගතව සිට සිය නිවාසවලට පැමිණ ඇත. මෙම පිරිස රජය විසින් ක්‍රියාත්මක කරන ලද නිරෝධායන ක්‍රියාවලියට එක්වී නොමැති බව සෞඛ්‍ය නිලධාරීන් කරන ලද විමර්ශයකදී අනාවරණයවී තිබේ.
නිරෝධායන නොවූ පිරිස් සිය නිවෙස්වලට සීමා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු යොදා ඇත. ඔවුන්ගේ නිවාසවලට අවශ්‍ය දෑ මිලදී ගැනීම සඳහා විදෙස් රටක සිට මෙරටට නොපැමිණි එක් අයෙකුට පමණක් අවසරය ලබාදී ඇත.
හලාවත
කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකරමින් හලාවත මහ රෝහලට අතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ, අයි.ඩී.එච් රෝහලට මාරු කරන ලද කාන්තාවට එම වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වීමෙන් අනතුරුව එම කාන්තාව රෝහලෙන් ඉකුත් 13 වැනිදා පිටව ගොස් ඇත.
මෙලෙස කොරෝනා වෛරසය නොමැති බවට අනාවරණයවී ඇත්තේ ආණමඩුව-සේරුකැලේ පදිංචි 55 හැවිරිදි කාන්තාවකටය. ඇය ඉතාලියේ සිට මෑතකදී මෙරටට පැමිණි කාන්තාවකි. ඇයට ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 11 වැනිදා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ඇය අයි.ඩී.එච්.රෝහලට මාරු කෙරිණි.
මීට අමතරව,කොරෝනා වෛරසය වැලඳුණු බවට සැකය මත පුද්ගලයින් තිදෙනෙකු හලාවත මහා රෝහලට ඉකුත් 13 වැනිදා ඇතුළත්වී ඇත. එම රෝගීන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පහ මූලික රෝහලට පිටත්කර යැවූ බව හලාවත මහ රෝහලේ අධ්යක්ෂ කපිල මල්ලවආරච්චි පැවසීය.
මින් එක් අයෙකු මුන්දලම-අගුණවිල පදිංචි අයෙකු වන අතර, ඔහු මෑතකදී ඉතාලියේ සිට පැමිණි අයෙකි. අනෙක් පුද්ගලයන් දෙදෙනා හලාවත, දකුණු මහගම ප්‍රදේශයේ පදිංචි මවක් සහ පුතෙකි. දරුවාගේ පියා සංචාරක මගපෙන්වන්නෙකු බවට අනාවරණයවී තිබේ.
වෛරසය ආසාදනය වූ බවට සැකය මත ඉකුත් 12 වැනිදා රාත්‍රි මාරවිල මූලික රෝහලට ඇතුළත් කරන ලද මාරවිල-මූදුකටුව ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ, අයි.ඩී.එච්.රෝහලට මාරුකර යවා ඇත. ඔවුන් එකම පවුලේ අය බවට අනාවරණයවී ඇත.
කොවිඩ්-19 වෛරසය ශරීරගතවී ඇති බවට සැකය මත තවත් පුද්ගලයෙකු ඉකුත් 14 වැනිදා ද හලාවත මහ රෝහලට ඇතුළත්කර ඇත.
පොළොන්නරුව
කොවිඩ්-19 වෛරසය ශරීරගතවූ බවට සැකය මත පුද්ගලයන් 18 ක් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අයි.ඩී.එච්.රෝහලට මාරු කළ බවත්, ඉන් හතරදෙනෙකුට වෛරසය ආසාදිතව ඇතැයි පොළොන්නරුව මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික පැවසුවේය.
ගම්පහ
කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් සඳහා ගම්පහ රෝහලේ 14 වැනි වාට්ටුව සූදානම්කර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. ඊයේ (15 වැනිදා) පෙරවරුව වන විටදී කොරෝනා වෛරසය ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් දසදෙනෙකු එම වාට්ටුවට ඇතුළත් කළ බවද රෝහල් ප්‍රකාශකයා පැවසුවේය.
ගලගෙදර
වසර ගණනාවක් ඉතාලියේ පදිංචිව සිටි අයෙකු පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානයකට නොගොස් සිටියදී, ප්‍රදේශවාසීන් කරන ලද දැනුම්දීමක් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය කළ සෝදිසියකදී සොයාගෙන ඇත.
හිනිදුම
කොවිඩ්-19 වෛරසය පැතිර යෑමේ අවදානම් තත්ත්වය නිසා හිනිදුම කල්වාරි දේවස්ථානයේ මෙමස 24 වැනිදා සිට අප්‍රේල් 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ වාර්ෂික උත්සවය තාවකාලිකව නතර කර ඇත.
මීගමුව
මීගමුව රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සහ රෝහල් පරිපාලනය අතර මතුවී තිබෙන අර්බුදය නිසා කොවිඩ්-19 වෛරසය ආසාදිතවී ඇති බවට සැක මත රෝහල්ගතකර සිටින රෝගීහු දැඩි අසීරුතාවයට පත්ව සිටිති.
එම වෛරසය ආසාදිත බවට සැක සහිත රෝගීන්ට වෙන්කරන රෝහලේ පළමුවැනි වාට්ටුව මුල්කරගනිමින් එහි විශේෂඥ වෛද්‍යවරුන් හා රෝහල් පරිපාලනය අතර අර්බුදයක් උද්ගතව ඇත. මෙම වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීම විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කර ඇත.
මේ නිසා ඉකුත් 14 වැනිදා පස්වරුවේ මීගමුව රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු රෝහලට ඇතුළත් නොවී යළි පිටව ගොස් තිබේ.
කොවිඩ්-19 වෛරසය ශරීරගතවී ඇතැයි සැකය මත පුද්ගලයන් පහළොස්දෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, ඉන් දසදෙනකු පිරිමි පුද්ගලයන්ය.
මේ පිළිබඳව රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුජීව රත්නායක පවසා සිටියේ පවතින තත්වය ඉතා කනගාටුදායක බවත්, සියලු පහසුකම් ලබාදී තිබියදී අදාළ රෝගීන් සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නිසි සේවයක් ඉටුනොවන බවත්ය.
යාපනය
කොවිඩ්-19 වෛරසය වැලඳී ඇති බවට සැකපිට පුද්ගලයන් දෙදෙනකු යාපනය රෝහලට ඇතුළත්කර ඇත. මන්නාරම ප්‍රදේශයේ ආරක්ෂක අංශ සාමාජිකයකු සහ වව්නියාව රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු සැකපිට මෙලෙස යාපනය රෝහලට ඇතුළත්කර තිබේ.
කොරෝනා රෝග ලක්ෂණ සහිත පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සදහා විශේෂ වාට්ටු සංකීර්ණයක් ද යාපනයේ රෝහලේ ඉදිකර ඇත.
වව්නියාව
කොවිඩ්-19 වෛරස් රෝග නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස වව්නියාව, පම්පමඩු යුද හමුදා කඳවුරේ කොටසක් යොදාගෙන ඇත. මෙම නිරෝධායන මධ්‍යස්ථානයේ විදේශීය රටවලින් පැමිණි පුද්ගලයන් 213ක් නිරෝධායන කටයුතුවලට ලක්කර ඇත.
පොම්පමඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත නිරෝධායන කටයුතු සඳහා පුද්ගලයන් රැගෙන ගොස් යළි පැමිණෙමින් සිටි බස් රථයක් පෙරේදා (14 වැනිදා) අලුයම කැකිරාව හෝරාපොල ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබේ.
රත්නපුර
කොවිඩ්-19 වෛරස භීතියක් ඇතිකර ගනිමින් පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා රාත්‍රී කාලයේ පවා නගරයේ වෙළෙඳසල්වලට පැමිණ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග පිටින් වෙළෙදසල්වලින් රැගෙන යෑම නිසා එම වෙළෙඳසල්වල ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ හිඟයක් මතුව තිබේ.
••සාලිය කුමාර ගුණසේකර/ ජූඩ් සමන්ත-පුත්තලම/ මාධව කුලසූරිය-වව්නියාව/ රේමන් අපෝන්සු-මීගමුව/ එච්.එම්.සමන්-අක්මීමන/ සෑම් සමරතුංග-ගලගෙදර/ ආරියපාල වීදාගම-දොම්පේ/ ප්‍රියන්ත බණ්ඩාර-පොළොන්නරුව/ සුනිල් පියතිලක-කුරුවිට/ එන්.එස්.ප්‍රියනන්දන-බලන්ගොඩ/ කිත්සිරිගේ ප්‍රසන්න-යාපනය/ සමන් ශ්‍රී-තිරප්පනේ.
ඊයේ (15 වැනිදා) වනවිටදී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පිරිස මෙසේය.
Aruna
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...