අගමැතිවරයා 2017 සැප්තැම්බර් 21 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට උත්සහ කළ අතුරුදන්වීම් වැලැක්වීමේ පනත මහා සංඝරත්නයේ ඉල්ලීම මත කල් දැමීමට ජනාධිපතිවරයා විසින් නියෝග කරන ලදි. නමුත් පෙබරවාරි 7 වන දින පනත හදිමසියේම විවාදයට ගෙන සම්මත කිරීමේදී ඊට විරුද්ධව ජනාධිපතිවරයා මැදිහත්වූ බවක් වාර්තාවන්නේ නැත.
ඒ අනුව ජාතික සංවිධාන ප‍්‍රශ්න කරන්නේ ජනාධිපතිතුමා මහා සංඝරත්නයට බොරු කීවාද? එසේ නැතහොත් එතුමා විදේශීය බලවේග වලට යටත් වූවාද? එසේත් නැතිනම් අගමැතිවරයා විසින් ජනාධිපතිතුමා පිට වරද පැටවෙන ලෙසට හොර රහසේ පනත සම්මසත කළාද? ජනාධිපතුමා බොහෝදේ පුවත්පත් වලින් දැනගන්නා බැවින් එයද සිදුවිය හැකි දෙයක් බව ඔවුන්ගේ මතයයි.
ජාතික සංවිධාන විසින් ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ එම පනත මගින් ආරක්‍ෂක හමුදාවන්ට සිදුවන අනර්ථයන් පිළිබදව කරුණු 10ක් සදහන්කොට ඇත.
ඒ අනුව
අතුරුදහන්වීම් වැලැක්වීමේ ප‍්‍රඥප්ති පනත සම්මත කිරීමේ අරමුණ පිළිබදව
2017 සැප්තැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට නියමිත අතුරුදහන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කළහොත් රටට, විශ්‍රාමික හමුදා නිලධාරීන්ට සහ පොදුවේ ආරක්ෂක හමුදාවට සිදුවන අනර්ථය මෙසේ ය.
01. එම පනත මගින් ප්‍රධානතම යුද අපරාධයක් ලෙස සැලකෙන අතුරුදහන් කිරීමේ චෝදනා විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණයක් හෙවත් දේශීය යුද අපරාධ අධිකරණයක් පිහිටුවන අතර ඒ මගින් අණදීමේ වගකීම සොයා දඬුවම් කළ හැකි ය.
02. එම පනත සම්මත වුවහොත් අතුරුදyන්වීම් පිළිබඳ සොයාබැලීම සඳහා රටතුළ පිහිටවනු ලබන ඕනෑම යාන්ත්‍රණයකට අදාළව බලපෑම් කිරීමේ බලය ජාත්‍යන්තර කමිටුවකට ලැබේ. ඒ අනුව මීට පෙර අතුරුදyන්වූවන්ගේ කාර්යාලය mk; නමින් පිහිට වූ අර්ධ අධිකරණ කොමිසමේ කටයුතු මෙහෙයවීමේ හැකියාව ද එම ජාත්‍යන්තර කමිටුවට ලැබේ.
03. අතුරුදyන්වූවන්ගේ කාර්යාලය හෙවත් අර්ධ අධිකරණ කොමිසමේ පැමිණිලි විභාග කිරීමේ දී සාක්ෂි ආඥාපනත අදාළ නොවේ. ඒ අනුව බොරු සාක්ෂි ගොතා පිටරටවල දැනටත් ජීවත්වන ඩයස්පෝරා සාමාජිකයින් පවා අතුරුදන් කළ බවට ආරක්ෂක හමුදා සාමාජිකයන් චූදිතයන් බවට පත්කළ හැකිය. නව පනත මගින් එවැනි චූදිතයන්ට රටතුළ දඬුවම් කිරීමට ඉඩ ලැබේ. ඊට අමතරව නව පනත යටතේ එවැනි චූදිතයින් ජාත්‍යන්තර නීතියg නිරාවරණය වේ.
04. එම නිසා එසේ එක් පනතක් මගින් ව්‍යාජ සාක්ෂි මත චූදිතයන් බවට පත්කෙරෙන ආරක්ෂක හමුදා නායකයින් දෙවන පනත යටතේ පිටුවහල් කරන ලෙස ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් කළ සම්මුති රාජ්‍යයක් විසින් ඉල්ලා සිටියහොත් ඔහු එම රටට පිටුවහල් කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට සිදුවේ.
05. එසේම එම ප්‍රතිපාදන අනුව චූදිතයින් බවට පත්වන හමුදා නායකයින් එවැනි විදේශ රටකට පය තැබූවහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන එම රටේ දී යුද අපරාධ නඩු පැවරිය හැක.
06. එසේම ශ්‍රී ලංකා ආණ්ඩුව මගින් යම් රටකට පිටුවහල් කරනු ලබන ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන හමුදා නිලධාරියෙක්ට” හෝ සෘජුව විදේශයක දී අත්අඩංගුවට ගනු ලබන චූදිතයෙක් ලෙස සැලකෙන එවැන්නෙක==ට අදාළ රට රෝම ප්‍රඥප්තියට අත්සන් කොට ඇත්නම්, ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් දඬුවම් කළ හැක. එහිදී ශ්‍රී ලංකාව රෝම ප්‍රඥප්තියට අත්සන් කොට නොමැති වීම යන කරුණු සැලකිල්ලට ගැනෙන්නේ නැත.
07. මෙම පනත මගින් ශ්‍රී ලංකාවේ පිටුවහල් නීතිය ඉබේම සංශෝධනය වන අතර යම් රටවල් අතර පිටුවහල් ගිවිසුමක් නොතිබුණා වූවත් එම රටවලට චූදිතයන් පිටුවහල් කිරීමට ප්‍රතිපාදන සැලසේ.
08. ඒ අනුව මෙම පනත සහ ඊට පෙර සම්මත කළ අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත එක්ව ක්‍රියාත්මක වන විට තෝරාගත් හමුදා නිලධාරීන් ලැයිස්තුවකට විරුද්ධව බොරු චෝදනා ඉදිරිපත්කොට ඔවුන් චූදිතයන් බවට පත්කොට දේශීය යුද අපරාධ අධිකරණයේ දී දඬුවම් කිරීමට හෝ පිටුවහල් කොට විදේශීය රටක අපරාධ අධිකරණයක දී දඬුවම් කිරීමට හෝ ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් දඬුවම් කිරීමට ඉඩ සැලසේ.
09. එසේම එම පනත් දෙක එකට ක්‍රියාත්මක වන විට රටින් පැනගොස් ජීවත්වන දෙමළ ඩයස්පෝරා සාමාජිකයින් පවා අතුරුදහන් බවට බොරු චෝදනා ඉදිරිපත් කොට හමුදා නිලධාරීන්ට දඬුවම් කිරීමට ඉතා පහසු නීතිමය පදනමක් සක්‍රිය වේ. එසේ ම එම ක්‍රියාවලියට ජාත්‍යන්තර රටවල් වලට අත පෙවීමට සහ බලපෑම් කිරීමට ද හැකියාව ලැබේ.
10. මෙම පනත සම්මත කරන්නට උත්සාහ කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඊට අදාළ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ පිටපත් ලබාදීමෙන් තොරවයි. එම නිසා මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කරන්නේ ප්‍රඥප්තියේ සඳහන් බරපතළ කරුණු නොදැනය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...