දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණ ගුවන්තොටුපොළේදී පලාගොස් නිවෙස්වලට පැමිණි තරුණයන් සිවුදෙනකු රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් නිරෝධායන කටයුතු සඳහා භාරදීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.
කටුනායක ගුවන්තොටුපොළේදී මොවුන් එහි නිලධාරීන්ට හොරෙන් පලාවිත් නිවෙස්වල රැඳී සිටියදී ගුවන්තොටුපොළ මඟින් ලබාදුන් තොරතුරු මත මෙම තරුණයන් සොයාගෙන ඇත.
රත්නපුර පොලිස් අධිකාරි සේනක වීරසිංහ මහතාගේ උපදෙස් මත මූලස්ථාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලුගල මහතා ඇතුළු නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් මෙම තරුණයන් පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.නිරෝධායනයට බියෙන් තම නිවෙස්වල සිටි නමුත් පිටතට නොගිය බව ඔවුන් පොලිසියට පවසා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...