පුරවැසි කොලම

ජාතිවාදයේ කලූ දුමාරයට යට වී නතර වූ වාලච්චේන දැතිරෝද නැවත කරකවන්නට නම්..!

අපේ රටේ නගර හෝ යම් යම් ප‍්‍රදේශ ගැන කතා කරන විට අපේ මතකයට එකවරම නැගෙන කර්මාන්ත හෝ නිෂ්පාදන තිබේ. මරදගහමුල යැයි කී පමණින් සිහියට නැගෙන්නේ හාල් ය. පුත්තලම කී පමණින් මතක් වන්නේ ලූණු ය. පුල්මුඬේ කී සැණින් සිහියට එන්නේ ඛනිජවැලි ය. එප්පාවල කියන විට පොස්පේට් ය. කන්තලේ කියනවිට සීනි ය.

ඒ ආකාරයටම කලක පටන් වාලච්චේන යැයි කී පමණින් ම ‘‘කඩදාසි කර්මාන්තය’’ අපේ මතකයට පිවිසෙන්නේ ශ‍්‍රී ලාංකික ජන ජීවිතය තුළ දේශීය කඩදාසි කර්මාන්තයේ විශිෂ්ට සලකුණක් වාලච්චේන සම්බන්ධයෙන් සනිටුහන්වී තිබෙන නිසාය. එමගින් පොදු ජන හදවත් ඇතුළාන්තයේ යම් ප‍්‍රබල පණිවිඩයක් තැන්පත් කර තබා ඇතිවාට සැකයක් නැත.

එහෙත් ඒ කීර්ති නාtel2මය වාලච්චේන ප‍්‍රදේශය තුළ රඳවා තබා ගන්නට ජාතියක් වශයෙන් අප සමත්ව ඇත්තේ කොයි තරම් කෙටි කාල පරාසයකටද…

1950 – 60 වකවානුව වන විට වාලච්චේනේ ප‍්‍රදේශය කේන්ද්‍ර කරගත් නැගෙනහිර පළාත මුළුමනින්ම වී නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වී, පෙනෙන පෙනෙන අත සරුසාර කෙත් වතු වලින් වැසී ගිය ප‍්‍රදේශයක් විය. අස්වනු නෙළීමෙන් පසුව ඉතුරු පහදුවන ‘‘පිදුරු වැනි අතුරු ඵල’’ වලට කළ හැකි දෙයක් නොවීය. එම පිදුරු කුඹුරු වලම තුනී කර දමා ගිනි තබනවා හැර වෙනත් විකල්පයක් නොවූයෙන් ගොවියා සාම්ප‍්‍රදායික ලෙස පිදුරු ගිනි තැබුවත් එමඟින් පළාතට සිදුවන පරිසර හානිය සුළුපටු නොවීය.

වී අස්වැන්නේ අතුරු ඵලයක් වන පිදුරු යොදා ගෙන ඝන කඩදාසි නිෂ්පාදනය කිරීමට කඩදාසි කම්හලක් නැගෙනහිර ප‍්‍රදේශයේ ආරම්භ කිරීමට එවක රජය තීන්දු කරන්නේ සුලබව සපයා ගත හැකි අමුද්‍රව්‍යයත්, ප‍්‍රදේශයේ තිබෙන ශ‍්‍රම අතිරික්තයත්, දේශීය කර්මාන්ත බිහි කිරීමට එවක තිබූ රජයට වූ අසමසම වුවමනාවත්, ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට උදවු කිරීමට එකල විදේශීය බලවතුන්ගේ තිබුණ කැපවීමත් ආදී සියලූ සාධක එකට එක්කාසු වූ තැන ය.

1955 දී ඝන කඩදාසි කම්හල වාලච්චේනේ ඉදිකරන්නට රජය තීන්දු කළේය. වාලච්චේන ඔට්ටමාවඞ්ඩි කළපුවට උතුරින් පිහිටි අක්කර 400 ක් පමණ වන ඉඩමක් කර්මාන්ත ශාලාව සඳහා වෙන් කෙරිණි. රජය විදේශීය මහා බලවතුන් සමඟ කරන ලද සාකච්ඡුාවක ප‍්‍රතිඵලයක් වශයෙන් නැගෙනහිර ජර්මනියේ පරිත්‍යාගයක් ලෙස කර්මාන්ත ශාලාව සඳහා යන්ත‍්‍ර සූත‍්‍ර ලැබිණි. ලහි ලහියේ කර්මාන්ත ශාලාව ඉදි විය. මුළු නැගෙනහිර පළාතේම බලාපොරොත්තු මල්ඵල ගන්වමින් 1956 දී නැගෙනහිර කඩදාසි කර්මාන්ත ශාලාව ආරම්භ විය. ඒ වූ කලී එහි ආරම්භක කතාවයි.

ආරම්භක කතාව සුබවාදී වූවා සේම එම කර්මාන්ත ශාලාවේ මුල් යුගයේ අතීත කතාව ද අසුබවාදී නොවීය. එවකට ආණ්ඩුව කළ පාලක පැලැන්තියේත්, උදව් උපකාර කළ නැගෙනහිර පළාතේ දේශපාලනඥයන්ගේත්, ජර්මනිය ප‍්‍රමුඛ විදේශීය රටවලත්, ආයතනයේ 3000 ක් පමණ වූ සේවක පිරිසක් ලෙස කටයුතු කළ මුස්ලිම් සිංහල දෙමළ ජනතාවගේත් කැප වීම මත කඩදාසි කර්මාන්ත ශාලාවේ ඉලක්ක සපුරා ගන්නට පාලනාධිකාරියට හැකි විය.

1956 න් පසු මුල් යුගය තුළ මේ කර්මාන්ත ශාලාව ලබාගත් ප‍්‍රගතිය කොතරම් ද යත් අවසානයේ 1990 – 95 කාලය වන වන විට ලංකාවේ හොඳම ව්‍යවසාය බවට පත්වන්නට වාලච්චේන ‘‘ජාතික කඩදාසි සංස්ථාව’’ සමත් වූයේ එතුවක් කල් පැවති සියලූ රජයන්ගේත් පාලනාධිකාරී වලත් සේවක සේවිකාවන්ගේත් අප‍්‍රමාණ කැපවීමේ ප‍්‍රතිඵලයක් හැටියට බව නිසැකය.

එහෙත් නැගෙනහිර පළාතට ටිකෙන් ටික බලපාන්නට වූ කොටි ත‍්‍රස්තවාදී අන්දකාර දුමාරයෙන් නැගෙනහිර ජන ජීවිතය වැසී යන්නට පටන් ගත්දා පටන් වාලච්චේන කඩදාසි කම්හලේ පැවැත්මට ද සෙනසුරු දසාව උදා වන්නට පටන් ගත්තේය…

වාලච්චේන කඩදාසි කම්හලේ අතීත කතාවේ ‘‘අපර භාගය’ පැහැබර එකක් නොවී ය. කොටි ත‍්‍රස්තවාදයත් tel3සමගම රජ කරන්නට වූ නැගෙනහිර ජාතිවාදය විසින් කඩදාසි කම්හලේ සමගිය සමාදානය සුණු විසුණු කර දමනු ලැබීය. ඒ අසමගියේ ප‍්‍රතිඵලයක් ලෙස, නැගෙනහිර ජර්මානු රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු මහා දැවැන්ත යන්ත‍්‍ර සූත‍්‍ර වල ක‍්‍රියාකාරිත්වය අඩාල විය. එක් පැත්තකින් යුද්ධයේ බිහිසුණු ප‍්‍රහාරවලට මැදි වුණු, අක්කර 100 ක භූමි භාගයක් පුරා පැතිර ගත් යෝධ ගොඩනැගිලි ගරා වැටී විනාශ වෙමින් යද්දී අනිත් පසින් ජාතිවාදයේ අන්ධකාරයෙන් ජාතියේම මහා ධනස්කන්ධයක් වූ නැගෙනහිර කඩදාසි කම්හල පිටස්තර ලෝකයාට නොපෙනී යන්නට පටන් ගත්තේ ය.

අවාසනාවන්ත අතීත කතාව කාලයාගේ හමස් පෙට්ටියට වැටී වැසී ගියේ එසේය.

2009 පමණ වන විට යුද්ධයේ අන්ධකාරය නැගෙනහිර පළාතින් ටිකෙන් ටික තුරල්ව ගියත් වාලච්චේනේ ජාතික කඩදාසි කම්හලට ‘‘නිදහස් ශ‍්‍රී ලංකාවේ’’ අලූත් සූර්යාලෝකය නොවැටී ගියේ යුද්ධයටත් වඩා බිය කරු විනාශකාරී පාලකයන් පිරිසකගේ දේශපාලන හස්තයට වාලච්චේන කර්මාන්ත ශාලාව නතු වන්නට පටන් ගත් පසුවයි… 2015 න් පසු ව බලයට පත් වූ ‘‘විකාර රූපී යහපාලන’’ ආණ්ඩුවේ ආශිර්වාදයෙන් ඔද වැඩුණු ‘‘නැගෙනහිර මුස්ලිම් අන්තවාදය’’ විසින් වාලච්චේන කඩදාසි කම්හල වසා දමා ඈවර කරන්නට තීන්දු තීරණ ගනු ලැබූයේ ඉන් පසුවයි.

tel4

වාලච්චේනයේ වර්තමාන කතාව පටන් ගන්නේ 2019 වසරේ අවසාන කාර්තුවේ පැවති ජනාධිපතිවරණයෙන් රටට අලූත් ජනාධිපතිවරයෙක් පත් වන්නට වූ දා සිටය. නැගෙනහිර පළාතේ පමණක් නොව. මුළු රටේම බෙදුම් වාදී අන්තවාදයට හිස නොනමන රජයක් ඉනික්බිතිව බලයට පත්විය. ජාතික ව්‍යවසායන්ට පණ දිය හැකි, හෙට ලෝකයේ සංවර්ධනය අද අද ම දකින දර්ශනයක් සහිත තරුණ අමාත්‍යවරයෙක් කර්මාන්ත අමාත්‍යාංශයේ වගකීම් භාර ගත්තේ ඒ අතරයි.

පසුගිය ජනවාරි 16 වන දා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු නිලධාරීන් පිරිසක් වාලච්චේන කඩදාසි කම්හල බිමේ නිරීක්ෂණ සංචාරයකට සහභාගි වූහ. වාලච්චේන ජාතික කඩදාසි කම්හලේ අභිනවයෙන් පත් කරන ලද සභාපති සුසිකෝ සමූහ ව්‍යාපාර අධිපති විමල් රූබසිංහ මහතා හා වාලච්චේන කම්හලේ ව්‍යාපෘති කළමනාකාර සිවිල් ඉංජිනේරු බන්දුල කරුණාරත්න ද ඒ අතර වූහ.

ඒ වන විට යන්ත‍්‍ර සූත‍්‍ර සියල්ල අබලි යකඩවලට විකුණා දමා ඈවර කර වසා දමන්නට හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් විසින් කැබිනට් අනුමැතියක් ද ගෙන, සියලූ වැඩ අවසන් කර දමන්නට නියමිතව තිබූ වාලච්චේන කඩදාසි කම්හල නැවත ආරම්භ කරන්නට කොපමණ මුදලක් වැය වනු ඇද්දැයි අමාත්‍යවරයා විසින් අභිනව සභාපති වරයාගෙන් විමසනු ලැබීය.

තිබෙන යන්ත‍්‍ර සූත‍්‍ර පිළිසකර කර කර්මාන්ත ශාලාවේ එක් යන්ත‍්‍රයක් පමණක් මුලින් පටන් ගෙන නිෂ්පාදන ඇරඹීමට රුපියල් කෝටි අසූවක් පමණ වැය වෙතැයි ඒ වන විට ගණන් බලා තිබිණි.

‘‘ආණ්ඩුවට සල්ලි නැහැ… ඔබතුමා ඔය තියන පුද්ගලික ඉඩමක් කඩමක් දේපළක් හරි විකුණලා දාලා මේ ජාතික කටයුත්තට අත ගහන්න. ගණන් හිලව් පස්සේ බලන්න….’’ අමාත්‍ය විමල් සභාපති විමල්ට කීවේය.

‘‘ඉස්සර වෙලාම තියෙන්නෙ අභියෝග දෙකයි. එකක් කර්මාන්ත ශාලාවට විදුලිය ගන්න ඕන. දෙවැන්න තමයි මෙතනට කිලෝමීටර් 11 ඈතින් තියෙන වැවේ ඉඳලා අඟල් 18 ක බටයකින් කර්මාන්තශාලාවට වතුර ගේන්න ඕන. ඒ අභියෝග දෙක ජයගත්තොත් මේ කොන්ක‍්‍රීට් වනාන්තරේ ඇතුළෙ තියෙන මහා දැවැන්ත ජර්මානු යන්ත‍්‍ර සූත‍්‍ර කරකවන එක මට මහ කජ්ජක් නෙවෙයි…’’

ඉංජිනේරු බන්දුල කරුණාරත්න කීවේය. පුද්ගලිකව මූලික කටයුතු වලට යම් මුදලක් සොයා දෙන්නට විමල් රූබසිංහ එකඟ විය. අමාත්‍ය විමල්ගේ අනුමැතිය ලැබිණි. බන්දුල වැඩ පටන් ගත්තේ ය.

පළමු අදියර සාර්ථක විය. පසුගිය සතියේ මාධ්‍ය කණ්ඩායමක සාමාජිකයෙකු ලෙස මා එහි යන දවසේ අඟල් 18 ක් පළල බටයක් දිගේ කිලෝමීටර් 11 ක දුර ක සිට කර්මාන්ත ශාලාව වෙත මහා දැවැන්ත ජල කඳක් ගෙන එන්නට මේ ඉංජිනේරුවා ඇතුළු සේවක පිරිසක් සමත්ව සිටියහ. වාවාගත නොහැකි සිනහවකින් යුක්තව විමල් රූපසිංහ මහතා වාලච්චේන කම්හලේ යෝධ ජල ටැංකිය අසලට අපව කැඳවා ගෙන ගියේය.

කඩි ගුලක සිරි මවමින් සේවක පිරිස වැඩ කරනු පෙනෙයි. පාරවල් කාපට් වෙයි. ගරා වැටුණු ගොඩනැගිලි වල බිත්ති වල සුදුසායම් පිරියම් කෙරෙයි. වැටවල් වල කඩා හැලූණු කණු කෙලින් කරමින් කම්බි වැටවල් ඉදි වනු පෙනෙයි. හමුදා භටයන්ගේද උපකාර ඇතුව විදුලි බලය කම්හල් පරිශ‍්‍රය තුළ සංවිධානාත්මකව ඒ මේ අත ගෙනයෑමට විදුලි රැුහැන් අදිනු ද පෙනෙයි.

මගේ මතකය 2001 තරම් අතීතයකට මාව රැුගෙන ගියේ ය. කොටි සංවිධානයට කප්පම් ගෙවමින් වාකනේරි වැවේ සිට වතුර ගෙන එමින්, අසීරුතා රැුසක් මැද වුව එදා ඒ කම්හල ක‍්‍රියාත්මක වෙමින් කඩදාසි නිපදවීම කළ අයුරු බලන්නට මම ද සහභාගි වූ තවත් එක අතීත මාධ්‍ය සංචාරයක් මට හදිසියේ ම මතක් විය.

කොටින්ට කප්පම් දෙමින් වාකනේරි වැවෙන් වතුර ගෙනෙමින් එදා කඩදාසි තැනූ අයුරු ලබන සතියේ කියවන්න.

බුලිත ප‍්‍රදීප් කුමාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More