වර්ගවාදයෙන් හෝ වෛරයෙන් මිනිසත්කම යටපත් කිරීමට ඉඩ නොදෙන්නැයි හිටපු සුපිරි ක්‍රිකට් තරුවක් වූ කුමාර් සංගක්‌කාර ‘ට්‌විටර්’ පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කුමාර් සංගක්‌කාර විසින් නිකුත් කර ඇති සම්පූර්ණ ‘ට්‌විටර්’ පණිවිඩය මෙසේය.
“මාගේ සහෝදර ශ්‍රී ලාංකිකයිනි, මෑත ඉතිහාසයෙන් අපි පාඩම් ඉගෙන ගෙන නැද්ද? මූලික මනුෂ්‍ය ගුණාංග, ආදරය අපේ මනසින් අපේ හදවතින් තුරන් වෙලාද? නැතිනම් සදාචාරාත්මක වශයෙන් අපි බිඳවැටිලද? ශ්‍රී ලාංකිකයන් හැටියට අපිට විශේෂ වගකීමක් තියෙනවා අපේ අසල්වැසියාගේ ආරක්‌ෂාව තහවුරු කරන්න. ආගම හෝ ජාතිය හෝ කුමක් වේවා අපි අපේ සහෝදරයන් ආරක්‌ෂා කරන අය. අපි සියලු දෙනා තුළ තියෙන්නේ එකම සිහින සහ බලාපොරොත්තුයි. මේවා වර්ගවාදයෙන් හෝ වෛරයෙන් වැනසෙන්න දෙන්න එපා.”
මහනුවර ප්‍රදේශයේ සිදු වූ ප්‍රචණ්‌ඩ ක්‍රියා හෙළා දකින බවත් ඊට වගකිවයුත්තන් නීතිය හමුවට රැගෙන ආ යුතු බවත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ද ‘ට්‌විටර්’ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.
වසර 25 ක් තිස්‌සේ යුද්ධයක අමිහිරි අත්දැකීම් සමඟ ජීවත්වූ රටක් මීළඟ පරම්පරාවට එවැනි බිහිසුණු අත්දැකීම් ලබා නොදිය යුතු බවත් මහේල සිය පණිවිඩයෙන් කියා සිටී.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්‌ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය ද, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ද සිය ‘ට්‌ව්ටර්’ පණිවිඩ මගින් මහනුවර ඇතිවූ තත්ත්වය පිළිබඳව කනගාටුව පළ කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...