දේශීය පුවත්

ජිනීවා වෙත යන රජයේ නියෝජිත පිරිස මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් වෙත මහනුවර සිදුවීම්වලට මුල්වූ හේතු හෙළිදරව් කරනු ඇත. රජයේ ආරංචි මාර්ග පැවසුවේ මාර්තු 13 වැනිදා රජයේ දූත පිරිස ජිනීවා යන බවයි.

විවිධ රාජ්‍ය නොවන සංවිධාන විසින් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් වෙත බොරු තොරතුරු ඉදිරිපත් කර ඇතැයි මේ වනවිට වාර්තා වී ඇත.

මහනුවර සිදුවීම ගැන අසත්‍ය තොරතුරු රැසක්‌ කොටි ඩයස්‌පෝරාවද ප්‍රචාරය කර ඇති අතර ජර්මනියේ සංවිධානයක්‌ ද ඊට මුල්වී ඇති බව බුද්ධි අංශවලට වාර්තා වී තිබේ.

මෙම සාවද්‍ය තොරතුරු මාර්තු 16 වැනිදා මානව හිමිකම් සමුළුව හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධ විවාදයේදී ඉදිරිපත් වන බව ද මානව හිමිකම් කවුන්සලයේ ආරංචි මාර්ග කියා සිටියි.

විශේෂයෙන් හදිසි නීතිය සාකච්ඡාවට මුල්වූ හේතුද රජයේ දූත පිරිස විසින් මානව හිමිකම් කොමසාරිස්‌ හමුවේ පැහැදිලි කෙරෙනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More