ව්‍යාපාරික පුවත්

කොවිඩ් 19 වෛරස රෝගි තත්ත්වය හේතුවෙන් මේ වන විට අප රටේ ඉන්ධ අලෙවිය සියයට 20 කින් පහත වැටී ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දී තිබේ.

විදුලිබල බලශක්ති හා ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

ලෝක ඉන්ධන මිල පහත ගිය ද මේ වන විට මහජනතාව තම ගමන් බිමන් සීමා කර තිබේ. බස් රථ හා දුම්රිය ද ධාවනය සාමාන්‍ය පරිදි සිදු නොවේ. එම හේතුවෙන් ඉන්ධන අලෙවිය නොසිරු විරූ අයුරින් පහළ ගොස් තිබේ.

ගත වු දින කිහිපය තුළ කාර්යාල වසා දැමීම මෙන්ම පාසැල් වසා දැමීම වැනි හේතුන් නිසාවෙන් ගමනා ගමනය අවම වී තිබේ.

ඒ නිසාවෙන් ලංගම, පුද්ගලික බස් රථ මෙන්ම දුම්රිය ද දෛනික ලබන ආදායම සියයට 50 කින් පහත වැටී ඇති බවත් අදාළ ආයතනවලින් අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇතැයි ද වාර්තා වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More