දේශීය පුවත්

ඇඳිරි නීතිය ක්‍රියාත්මකවීම, අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා බාධාවක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(20) පැවති මාධ්‍යහමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, විශේෂයෙන් සෞඛ්‍ය අංශය , ආරක්ෂක සේවා අංශය, පුද්ගලික ආරක්ෂක සේවාවන්, වරාය යන අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන යන සේවාවන්ට මෙම ඇඳිරි නීතියෙන් බාධාවක් ඇති නොවන බවයි.

යම් අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා පොලීසියට ගොස් බලපත්‍ර ලබා ගැනීම සඳහා නිවේදන දහවල් කාලයේ දී නිකුත් කරන බවත් බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

දැනට සති අන්තය ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් නිවෙස්වලින් බැහැරව නොගොස් ස්වයං නිරෝධායන ක්‍රියාවලියට නිවෙස් තුළ දීම සම්බන්ධ වන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට පිටකොටුව වෙළඳපොල අද පස්වරු 2 වන තෙක් විවෘත බවත් ඉන් අනතුරුව ඒ අවට ප්‍රදේශය නිරෝධායනයට ලක් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

සඳුදා උදෑසන 6 ට යළි මැනිං වෙළඳ සැල විවෘත කරන බවත් ඒ මහතා කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More