🇺🇳 දිනක් තුල ලොව පුරා ජීවිත දහසකට වඩා බිලි ගත් ප්‍රථම දිනය ඊයේ වූ අතර ඊයේ දිනයේ ලොව පුරා සිදු වූ මරණ සංඛ්‍යාව 1,048 කි.. එය පෙරේදා 922 ක් ලෙස සටහන් වූයේ එතෙක් දිනක් තුල උපරිම මරණ සංඛ්‍යාව ලෙසටය..
🇺🇳 ඊයේ දිනය තුල ලොව පුරා හදුනාගත් නව රෝගීන් සංඛ්‍යාව 23,229ක් වූ අතර ඒ දිනයක් තුල හමු වූ නව ආසාධිතයන් විශාලතම සංඛ්‍යාවයි..
🇮🇹 වෛරසයෙන් විශාලතම හානිය සිදු වූ රට බවට පත් වෙමින් ලොව වැඩිම කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ඉතාලියෙන් වාර්ථා විය.. 3,405 වූ ඉතාලියේ ජීවිත විනාශය 3,245ක් වූ චීන ව්‍යසනය අභිබවා යෑමකි.. මෙහි ඛේදවාචකය යනු ඉතාලියේ වෛරසය පැතිරීම එහි උච්චතම අවස්ථාවට පැමිණෙන්නටත් ප්‍රථම මෙතරම් මරණ සංඛ්‍යාවක් වාර්ථා විමය.. ඒ අනුව ඉතාලියේ හෙට දවස වඩ වඩාත් බියකරු විය හැකිය..
🇮🇹 මරණ සංඛ්‍යාවෙන් චීනය අභිබවා ගිය ඉතාලිය තුල ඊයේ දිනයේ සිදු වූ මරණ සංඛ්‍යාව 427 කි.. එය දිනක් තුල රටක සිදු වූ දෙවන විශාලතම මරණ සංඛ්‍යාව වූ අතර එම සංඛ්‍යාව දෙවනි වූයේ ඊට පෙර දින එරටින්ම වාර්ථා වූ මරණ 475ට පමණි.. ඒ අනුව පැය 48ක් තුල ඉතාලියට අහිමි වූ ජීවිත ගණන 902 කි..
🇮🇹 දිනයක් තුල නව ආසාධිතයින් 5,000කට වඩා හමු වූ ප්‍රථම අවස්ථාව සටහන් කරමින් ඊයේ පැය 24 තුල ඉතාලියෙන් හමු වූ නව ආසාධිතයින් ගණන 5,322ක් ලෙස සටහන් විය..
🇪🇸 ඉතාලියට පසු රෝග ව්‍යාප්තියේ දෙවන විශාලතම ගොදුර බවට ඊයේ පත් වූයේ ස්පාඤ්ඤයයි.. දිනක් තුල එරටින් රෝගීන් 3,000+ හමු වූ ප්‍රථම දිනය සටහන් කරමින් ස්පාඤ්ඤය තුල ඊයේ හමු වූ නව ආසාධිතයින් ගණන 3,194 ක් ලෙස සටහන් විය..
🇪🇸 ස්පාඤ්ඤයේ දිනක් තුල සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව සිදු වූයේද ඊයේ දිනයේය.. එය සංඛ්‍යාත්මකව 192 කි..
🇩🇪 වෛරසය පැතිරීමේ සීග්‍රතාවයෙන් පසුගිය දින කිහිපයේ දෙවනි ස්ථානයේ සිටි ජර්මනියද එරටින් දිනයක් තුල වාර්ථා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව සටහන් කරමින් 3,000 සීමාව ආසන්නයටම පැමිණි අතර එය 2993 ක් ලෙස සටහන් විය..
🇺🇸 ඇමරිකා එක්සත් ජනපදයේ ආසාධිතයන් සංඛ්‍යාව 10,000 සීමාව ඊයේ ඉක්මවා ගිය අතර දිනය අවසානයේ එය සටහන් වූයේ 11,780ක් ලෙසය.. පෙරේදා දිනය (මාර්තු 18) මෙතෙක් එරට මුහුණ දුන් කණගාටුදායකම දිනය වූ අතර දිනක් තුල හමු වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව (2848) සහ දිනක් තුල සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව (41) පෙරේදා දිනය තුල සටහන් කලේය.. එසේම එරට සියළු ජනපද තුල මේ මාරාන්තික වෛරසය පැතිර ඇති බව දෙදිනකට පෙර නිවේදනය කලේය..
🇮🇷 චීනයට සහ ඉතාලියට පසු වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්ථා කල ඉරානය තුල ඊයේ දවස නිම වන විට වාර්ථා කල සමස්ථ රෝගීන් සංඛ්‍යාව 18,407ක් වූ අතර මරණ සංඛ්‍යාව 1284ක් ලෙස සටහන්ව වූයේ ඊයේ සිදු වූ මරණ 149 ක්ද සහිතවය..
(ඉහත වාර්ථා සියල්ල වාර්ථා කරන ලද දත්තයන්ගෙන් ගණනය කර ඇති අතර වාර්ථා නොකරන ලද සිද්ධීන් මෙයට වඩා සංඛ්‍යාත්මකව ඉහළ යා හැකිය.. ඉන්දියාව පකිස්ථානය වැනි රටවල වාර්ථා නොවන සිද්ධීන් අධික බවත් ඒවායේ තත්වයද බොහෝ බරපතල බවත් සදහන්..)
wishwa
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...