දේශීය පුවත්

දුම්රිය කාලසටහන මෙන්න

March 20, 2020 4:15 pm | Lanka Lead News

ඇඳිරි නීතියට පෙර ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා කොළඹින් අමතර දුම්රිය හා බස්රථ සේවාවන් යෙදවීමට කටයුතු යොදා ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

මේ අතර, සියලු අධිවේගී මාර්ගවලට රථ වාහන ඇතුළු කිරීම අද පස්වරු 4.00 සිට නතර කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

අද පස්වරු 6.00 සිට මුලු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් මෙම තිරණය ගත් බවයි එම අධිකාරියේ සභාපති චමින්ද අතුලුවගේ මහතා සදහන් කළේ.

ඒ අනුව පස්වරු 4.00න් පසු අධිවේගී මාර්ගවලට රථ වාහන ඇතුළු කිරීමට අවස්ථාව ලබානොදෙන අතර එම වේලාවට පෙර අධිවේගී මාර්ගයට ඇතුළත් කර තිබු රථ වාහන සඳහා පිටවීමට පමණක් අවස්ථාව ලබාදෙන බව සභාපතිවරයා සඳහන් කළේය.

මේ අතර අද පස්වරුවේ සිට ඇදිරි නීතිය අවසන් වන තුරු දුම්රිය සාමාන්‍ය කාලසටහන ක්‍රියාත්මක නොවන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

අද උදෑසන කොළඹට පැමිණි මගී ජනතාවට යළි ගම්බිම් කරා යාම සඳහා ප්‍රධාන මාර්ගය, උතුරු මාර්ගය සහ මුහුදුබඩ මාර්ගයේ අද පස්වරු 3.00 දක්වා දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව,
කොළඹ – මහනුවර-හැටන් – පස්වරු 4.00
කොළඹ – අනුරාධපුර – පස්වරු 4.00
කොළඹ-කුරුණෑගල – පස්වරු 3.00
කොළඹ-බෙලිඅත්ත – පස්වරු2.30
කොළඹ-මාතර- පස්වරු 3.30



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More