ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා දිගටම සැඟවී සිටියද මහාධිකරණය මඟින් ඒක පාර්ශවීයව නඩු විභාගයක් පවත්වා වරදකරු වූ පසුව 1958 නිව්යෝර්ක් සම්මුතියට අනුව සිංගප්පුරුවේ ඔහුට හිමි වාණිජ වටිනාකම ශ්‍රී ලංකා රජයට අයකර ගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා ප්‍රකාශ කළේය.
1958 නිව්යෝර්ක් සම්මුතියට ශ්‍රී ලංකාව මෙන්ම සිංගප්පුරුවද අත්සන් කර තිබෙන නිසා ශ්‍රී ලංකාවේ මහාධිකරණයෙන් ලබාදෙන නඩු තීන්දුවකට අදාළ දේපළ පවරාගැනීමත් සිංගප්පුරුවේ අධිකරණය හරහා සිදුකර ගත හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.
මේ අනුව අර්ජුන් මහේන්ද්‍රන් මහතාට සිරදඩුවම් ලබාදීමට නොහැකිවුවත් ශ්‍රී ලංකා මහ බැංකුවට ඔහු සිදුකළ අලාභය සිංගප්පුරුවේ ඔහුට වත්කම් තිබෙනවානම් එම වත්කම් වලින් අයකරගත හැකි බවද ප්‍රතිභා මහානාම හේවා මහතා ප්‍රකාශ කරයි.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට පැමිණ අධිකරණයට භාර නොවී දිගටම සිංගප්පුරුවේ සිටිනවා නම් ඒ මහතා කිසිම දවසක අත්අඩංගුවට ගැනීමට නොහැකි බවත් සිංගප්පුරුව ජාත්‍යන්තර පොලීසියත් සමග කිසිදු ගිවිසුමක් අත්සන් නොකිරීම ඊට හේතුව බවත් ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා ප්‍රකාශ කරයි.
සිංගප්පුරුව මෙක්සිකෝව නයිජිරියාව යන රටවලට ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කිරීමට නොහැකි බවත් ඊට හේතුව එම රටවල් ජාත්‍යන්තර පොලිසිය සමග කිසිදු ගිවිසුමකට අත්සන් නොකිරීම බවත් ප්‍රතිභා මහානාම හේවා මහතා සඳහන් කරයි.
ඊට අමතරව ශ්‍රී ලංකාව හා සිංගප්පුරුව පොදුරාජ්‍ය මණ්ඩලය නියෝජනය කරන රටවල් නිසා දෙරට අතර උදර්පන ගිවිසුමක් ඇති කරගතහොත් අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගත හැකි බවත් එවැනි උදර්පන ගිවිසුමක් අත්සන් කිරීමට නම් සිංගප්පුරුවේ එකඟතාවය තිබියයුතු බවද වැඩිදුරටත් අදහස් දැක්වු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජේෂඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...