පුරවැසි කොලම

රට තුළ කොරෝනා වෛසරය පැතිරයාමේ අවදානමක් පවතින බැවින් සිරුරෙහි ප්‍රතිශක්තීකරණ පද්ධතිය ඉහල මට්ටමක පවත්වා ගැනීම වැදගත් බව ශ්‍රී ලංකා පෝෂණවේදීන්ගේ සංගමය පවසයි.

සිරුර ආක්‍රමණය කරනු ලබන රෝග කාරක පාලනය හෝ මර්දනය සඳහා ප්‍රතිශක්තිය වැදගත් බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසටයි එම සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඒ අනුව, සැමවිටම හැකි අයුරින් නිවසේදි පිළියෙල කරගත් ආහාර වේලක් සූදානම් කර ගත යුතු අතර, මාංහ ආහාරයට ගන්නේ නම් ඒවා හොඳින් තම්බා පිළියෙල කරගත යුතු බවටයි ශ්‍රී ලංකා පෝෂණවේදීන්ගේ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්දිමා මදූ වික්‍රමතිලක මහත්මිය  සඳහන් කරයි.

මේ අතර, ස්වයං නිරෝධායනයට ලක් කර ඇති නිවෙස්වලින් මුඛ ආවරණ වැනි අපද්‍රව්‍ය අනාරක්ෂිතව බැහැර කිරීම නොකළ යුතු බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමණාකරන අධිකාරිය දැනුම් දෙයි.

එවැනි නිවෙස් වලින් බැහැර කරන කලස පළාත් පාලන ආයතනවල කසල ලොරි වෙත ලබා දීමෙන් පවතින අවදානම් තත්වය හමුවේ වෛරසය තවදුරටත් ව්‍යාප්ත විය හැකි බවයි එම අධිකාරියේ අධ්‍යක්ෂ නලින් මාන්නප්පෙරුම සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More