පසුගිය ජනවාරි මාසයේ 27 වනදා චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවේ සංචාරය පිණිස පැමිණි චීන ජාතික 44 හැවිරිදි කාන්තාව මෙරටින් හමුවූ පළමු COVID-19 ආසාදිත රෝගියා ලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී හඳුනාගත් අතර ඇය අංගොඩ අයි.ඩී.එච් රෝහලට ඇතුලත් කරනු ලැබීමෙන් පසු පෙබරවාරි මස 19 වන දා වන විට සම්පූර්ණයෙන්ම සුවපත් කර රෝහලෙන් පිටත් කර හැරීමට අයි.ඩී.එච් රෝහලේ වෛද්‍යය කාර්ය මණ්ඩලයට හැකියාව ලැබුණි.
ශ්‍රී ලංකාවේ වෛද්‍යය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සම්පූර්ණ විශ්වාසයෙන් යුතුව කටයුතු කළ වත්මන් ආන්ඩුව ශ්‍රී ලංකා රජය චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වුහාන් නගරය ආශ්‍රිතව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් 33 දෙනෙකු පෙබරවාරි 1 වනදා වන විට මෙරටට ආපසු ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ සාර්ථක මෙහෙයුමක් දියත් කළ අතර ගෙන්වා ගත් සිසුන් දියතලාව යුධ හමුදා කඳවුර ආශ්‍රිතව අලුතින්ම පිහිට වූ නිරෝධායන මධ්‍යස්ථානයකදී දින 14ක් ඉතාමත් සාර්ථක ලෙස නිරෝධායනයට ලක් කර ආපසු තම නිවෙස් කරා පිටත් කර යැවීමට යුද හමුදා වෛද්‍යය කාර්ය මණ්ඩලය සමත් විය.
මාර්තු 10 වෙනි දින ශ්‍රී ලංකාවෙන් හමුවූ දෙවන COVID -19 වෛරස් ආසාදිතයා හඳුනාගත් අතර ඔහු 52 හැවිරිදි වියේ පසුවන ඉතාලි ජාතික සංචාරකයන් පිරිසකට සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කළ අයෙකු බවට හඳුනා ගැනුනි. ඔහු ඇතුළු ඔහුගේ පවුලේ සියළු දෙනා නිරෝධායනයට ලක් කළ අතර ඔහුට පාසල් යන වයසේ දරුවන් සිටීම හේතුවෙන් සියලුම පාසල් වල අප්‍රේල් අවුරුදු නිවාඩුව වහාම ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කර අප්‍රේල් මස 20 වන දින දක්වා පාසල් වසා තැබීමට කටයුතු කළේ පෞද්ගලික උපකාරක පන්ති ද නැවැත්වීමට කටයුතු කිරීමෙනි.
කේසේ වුවද ඉතාලිය සහ කොරියාව යන රටවල COVID-19 වෛරසය දරුණු ලෙස පැතිරීම හේතුවෙන් ආපසු මෙරටට පැමිණි සමහර පිරිස් කටයුතු කළ වගකීම් විරහිත භාවය හේතුවෙන් COVID-19 වෛරසය ආසාදිතයන් ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ නගින්නට විය. එයට සමාන්තරව විපක්ෂ දේශපාලකයන් රටම අසීරු අවස්තාවේදී වගකිවයුතු දේශපාලකයන් ලෙස ආන්ඩුවට සහයෝගය දෙනවා වෙනුවට ආන්ඩුව විවේචනය කරමින් ජනතාව නොමඟ යැවීමට උත්සහා ගනු පෙනුනි. කෙසේ වුවද COVID-19 වෛරස නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ දිනයේදී ඊට පෙර දිනයන්ට වඩා අඩු අගයක් ගෙන ඇති බව වාර්තා වී ඇත.
ඒ අනුව මාර්තු 16 දින 10, මාර්තු 17 දින 13 ,මාර්තු 18 දින 11 සහ මාර්තු 19 දින 13 ක් වූ ලෙස වාර්තා වූ නව රෝගීන් ගණන ඊයේ(20) දිනයේදී නව රෝගීන් 6 ක් බවට පත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවේ දැක්වෙයි. රෝගය පාලනය සම්බන්ධයෙන් මහජනයා මීට වඩා වගකීම් සහගතව හැසිරෙන්නේ නම් COVID-19 වෛරස් වසංගතය ශ්‍රී ලංකාව තුළ ඉක්මනින් පාලනය කරගත හැකි බව වසංගත රෝග මර්ධන විශේෂඥයන්ගේ මතයයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
It’s better if these types of posts are not being published, since our people will behave carelessly.