ශ්‍රී ලංකාව තුළ පළමු COVID-19 වෛරස ආසාදිතයා සොයා ගත් ජනවාරි මාසයේ 27 වනදා සිට දෙවන COVID-19 වෛරස ආසාදිත රෝගියා සොයා ගැනීමට මාර්තු 10 වෙනි දින දක්වා බලා සිටීමට සිදු විය. ඒ අතර තුළ කාලයේදී ශ්‍රී ලංකා රජය ඉතාමත් සාර්ථක ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය අමාත්‍යාංශය ඇතුළු තවත් ආයාතන ගණනාවක සහය ඇතුව චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරය ආශ්‍රිතව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හැදැරූ සිසුන් 33 දෙනෙකු රැගෙන විත් නිරෝධායනයට ලක් කර සමාජගත කළේය. එම අත්දැකීම පාදක කර ගනිමින් දකුණු කොරියාව සහ ඉතාලිය යන රටවල රැකියා කළ අයවළුන්ට ශ්‍රී ලංකාවට නැවත පැමිණෙන්නට ඉඩ සැලසුවේ එම පිරිස නිරෝධායනයට ලක් කිරීමට අවශ්‍යය හැකියාව ඇතැයි යන තක්සේරුව ශ්‍රී ලංකා යුද හමුදාවටත් සෞඛ්‍යය අමාත්‍යාංශයටත් ඕනෑවටත් තිබූ බැවිනි.
එහෙත් එසේ පැමිණි පිරිස සමඟ සිටි කිහිප දෙනෙකු ගුවන් තොටුපළේදීත් ඉන් බාහිරව සමාජයේදීත් නිරෝධායන මධ්‍යස්ථාන වලදීත් හැසිරුනේ ඉතාමත් පහත් ඉතාමත් වගකීම් විරහිත ලෙසිනි. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව තුළ දෙවන COVID-19 වෛරස ආසාදිතයා හමුවූ දින සිට පනස්වන රෝගියා හමුවීමට ගතවන දින ගනන COVID-19 වෛරසයෙන් දරුණු ලෙස පහර කෑමට ලක්වූ කොරියාව, ඉතාලිය චීනය වැනි රටවල් අභිබවා ඉක්මණින් අත්පත් කර ගත් බව සංඛ්‍යා දත්ත වාර්තා පෙන්නුම් කළේය. මෙවැනි වාර්තාවක් ශ්‍රී ලංකාව අත්පත් කරගැනීමත් සමඟම ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකයා ප්‍රමුඛ ඊනියා සමාජවාදී විපක්ෂය හැසිරුනේ COVID-19 වෛරස වසංගතය මිනිස් බිල්ලක් අබියස සිටිනු ඇතැයි යන විශ්වාසයේ සිටදැයි සැක හිතෙන තරමට තම විවේචන සහ ක්‍රියාකාරකම් තීව්‍ර කළහ.
“ලොක් ඩවුන් ශ්‍රී ලංකා” යනුවෙන් මුහුනු පොත පිරවීම සහ එමගින් මහජන මතය අවුල් කිරීම, බොරු තොරතුරු මුහුනු පොත හරහා පැතිර වීම, සරත් ෆොන්සේකා සහ රාජිත සේනාරත්න වැනි හිටපු ඇමතිවරු බොරු තොරතුරු ප්‍රසිද්ධ මාධ්‍යය ඔස්සේ පැතිරවීම, “කොරෝනවට මාව නැවැත්විය නොහැකිය” යැයි පවසමින් ජන හමු පැවැත්වීම, වජිර අබේවර්ධන අමාත්‍යයවරයා ඉතාමත් අපරික්ෂාකාරී ලෙස තමා පැළඳ සිටි මුහුණු ආවරණයක් තවත් පුද්ගලයෙකුට පැළඳවීම ආදිය දැක්විය හැක. දැන් දැන් ජවිපෙ ප්‍රමුඛ විපක්ෂය මුඛ ආවරණ නොමිලේ ජනයා අතර බෙදා හැරීම පිටු පස අඩු වී යමින් යන COVID-19 වෛරසය ආසාදිතයන් ගණන ඉහළ නංවා COVID-19 මරණයක් බලා පොරොත්තු නොවනවා යැයි පැවසිය නොහැකි බව විපක්ෂයේ ක්‍රියාකාරකම් පිළිබඳව අධ්‍යයනය කරන කන්ඩායම් පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...