පුරවැසි කොලම

මේ දිනවල කොරෝනා වයිරස පැතිරීමත් සමග අත්, පා දෝවනයට වැඩි අවදානයක් යොමු වී තිබෙනවා. ඒ විෂබීජ හරණය වෙනුවෙන් . අපේ මුතුන් මිත්තන් ඉතා දිගුකලක් පුරා බෝවන රෝග පැතිරෙන විට පුරා දෙසතියක්, එනම් දින 14ක් විෂබීජ නිරෝධායනය වෙනුවෙන් කැප වුණේ දෙයියන්ගෙ ලෙඩ ලෙස සත් පත්තිනි බැල්ම දෙකක් බැලිය යුතු බව කියමිනි. බෝවන රෝගියෙකු නිවසේ සිටින විට එය සැගවීමට කරුණක් වුණේ නැහැ. රෝගියා දෙයියන්ගෙ කාමරය වශයෙන් හැදින්වූ වෙනම කාමරයකට කොටු කරන්නේ ද නිරෝධායනය පිණිස කොහොඹ කොළ හා වෙනත් ඖෂධීය කොළවර්ග එකතු කරමිනි. ඒ සමගම ඉතා වැදගත් නිරෝධායන පිළිවෙතක් ලෙස ගේ දොරකඩ හා පිළිකන්නේ පෑල දොරකඩ යන ගෙට ඇතුළුවන ස්ථාන දෙකේ පාදිය බඳුන් තැබුවා.

මැටි කොරහක්, තරමක් ලොකු අප්පල්ලයක් , සෙම්බුවක්, මුට්ටියක් හෝ පහසුවෙන් වතුර රැදවිය හැකි මෙවලමක් ගන්නවා. එයට වතුර පුරවන අතර අමු දෙහිගෙඩි කපා දෙහි ඉස්ම සමග දැමීම, අමු කහ කොටස් මුහු කිරීම , කොස් දර අගුරු කොටස් මෙන්ම යහමින් පොඩිකරගත් කොහොඹ කොළ මේ පාදිය බඳුනට මුහු කරනවා . රෝගී නිවසින් බැහැර වන උදවිය මෙන්ම ඊට ඇතුළු වන උදවියත් මේ පාදිය බඳුනෙන් විෂබීජ හරණය පිණිස අත් පා දොවාගැනීම ජන සම්මත සිරිතක්.

බෝ වන රෝගී උවදුර නිවසින් බැහැර වී තවත් සතියක් පමණ කාලයක් පාදිය බඳුන් තැබීම අපේ මුතුන්මිත්තන්ගේ සිරිතයි. මෙහිදී පාදිය බඳුන භාවිත කරන ප්‍රමාණය අනුව උදේ දවල් හවස , පාදිය බඳුනට දමන සම්මත ඔසු හා ජලය අලුත් කරමින් සෑම කෙනෙකුටම අත් පා දොවාගත හැකි ලෙස පාදිය බඳුන් යොදාගැනීම පිළිගත් සම්මතයයි.

සාම්ප්‍රදායික දැනුම නියෝජනය කරන පාදිය බඳුන් භාවිතය අතැර දැම්මේ අපේ යටගියාවෙ වටිනාකම් අවතක්සේරුවට ලක්කළ යටත්විජිත යුගයේදීයි. කොරෝනා වසංගත‍යත් සමග යළි ඒ උරුමය සිහිපත් කිරීම කාලෝචිතයි කියා සිතුනා. පාදිය බඳුන් තැබීම මළගෙවල් වසංගත හා බෝවන රෝගී අවස්ථා සෑම එකකම යොදාගත්තා .

Mahinda Kumara Dalupotha



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More