චීනයේ ධනවත්ම මිනිසා වන, ’අලි බබා’ නැමැති අන්තර්ජාල අලෙවිකරණ සමාගමේ නිර්මාතෘ ’ජැක් මා විසින් කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීම සඳහා ’ශ්‍රී ලංකාව’ ඇතුළු ආසියානු රටවල් කිහිපයකට, මුහුණු ආවරණ මිලියන 1.8ක් සහ කොරොන වයිරස් ’පරීක්ෂණ කට්ටල’ 210,000ක් ලබා දීමට කටයුතු යොදනු ලැබ තිබේ.
ජැක් මා’ නිවේදනයක් කරමින් කියා සිටියේ වේගයෙන් මෙය සැපයීම පහසු නොවන නමුත්, එය සිදුකරන බව සඳහන්කර තිබෙන බව ගාඩියන් පුවත්සේවය සදහන් කරයි.
ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, කාම්බෝජය, ලාඕසය, මාලදිවයින, මොන්ගෝලියාව, මියන්මාරය, නේපාලය, පකිස්ථානය සහ ‘ශ්‍රී ලංකාව’ සඳහා හදිසි සැපයුම් මුහුණු ආවරණ මිලියන 1.8ක්, පරීක්ෂණ කට්ටල 210000ක්, ආරක්ෂිත ඇඳුම් කට්ටල 36,000ක්, සහ වාතාශ්‍රය සහ උෂ්ණත්වමාන අපි පරිත්‍යාග කරන්නෙමු . මෙම බෙදා හැරීම වේගයෙන් කිරීම පහසු නැත, නමුත් අපි එය සිදු කරමු..” ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
ජැක් මා’ මින් ඉහත ඇමෙරිකාවට ද මුහුණු ආවරණ හා පරීක්ෂණ කට්ටල මිලියන ගනනක තොගයක් යවා තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...