දේශීය පුවත්

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරස් රෝගය නිරෝධායනිය රෝගයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනත යටතේ පැවරී ඇති බලතල අනුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කල බවයි දැක්වෙයි.

මිට අමතරව ස්ථර තුනක් සහිත නොවියන ලද ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ සහ එන් – 95 වර්ගයේ මුහුණු ආවරණ ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීම හෝ ප්‍රති අපනයනය වළක්වාලමින්ද ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

2015 අංක 05 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේද සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් ය.

මේ අතර, ඇඳිරි නිතිය තාවකාලිකව ඉවත් කරන කාලසිමාව තුලදී මත්පැන් අලෙවිසැල් සියල්ල වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස්වරයා විසින් දැනුම් දීමක් කර තිබේ.

ඒ, ජනාධිපති මාධ්‍ය අංශය මඟින් නිකුත් කළ ඇඳිරි නිතිය ක්‍රියාත්මක කිරිම පිළිබඳ නිවේදනයේ විධිවිධානවලට අනුවය.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරස් පාලනය කිරීමේ අපාය මාර්ගයක් ලෙස රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග වලට සහය දැක්විය යුතු බවය. සුරාබදු කොමසාරිස් ජනරාල් ආරියදාස බෝදරම අවධාරණය කළේ ය.

එසේ කිරිමට අපොහොසත් වන සුරාබදු බලපත්‍රධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ඔහු කියා සිටියේ ය.

මේ සම්බන්ධයෙන් වන පැමිණිලි 1913 හදිසි ඇමතුම් අංකය ඔස්සේ සුරාබදු දෙපාර්තමෙන්තු මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත යොසුකළ හැකිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More