දේශීය පුවත්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැලසුම් කළ දිනට නිකුත් කිරීමට නොහැකි වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පැවසුවේ පසුගිය දෙසැම්බර් මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අග වන විට නිකුත් කිරීමට සැලසුම් කර තිබු බවයි.

කෙසේ වෙතත් නව කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ රට තුළ පවතින තත්ත්වය හමුවේ ප්‍රතිපල සකස් කිරීමේ කටයුතු සඳහා කාර්යය මණ්ඩල සාමාජිකයින් සහභාගී කරවා ගැනීමේ දුෂ්කරතා මතු වීම හේතුවෙන් විභාග ප්‍රතිඵල නිකුත් කිරීම කල් දැමීමට සිදුව ඇති බව විභාග කොමසාරිස්වරයා සඳහන් ‍කළේය.

පවතින ඇදිරි නීතිය ඉවත් කර සෙසු කටයුතු යථා තත්ත්වයට පත්වීමෙන් අනතුරුව සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ දිනය ප්‍රකාශයට පත් කරන බව සනත් පුජිත මහතා වැඩිදුරටත් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More