කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට දැන් ක්‍රියාත්මක ඇඳිරි නිතිය දිර්ඝ කිරිම සැළකිල්ලට ගෙන කොළඹ කොටස් වෙළඳපොල විසින් හෙට සහ අනිද්දා වෙළඳපොල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව එම දින දෙකේ කොටස් වෙළඳපළ වසා තැබෙන බවයි එමඟින් නිවේදනය කළේ ය.
පසුගිය සතියේද කොටස් වෙළඳපොල ගණුදෙනු දින 04 ක්ම අත්හිටුවනු ලැබුවේය.
ඒ, කොවිඩ් – 19 ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන රජය මඟින් නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි.
සිකුරාදා දිනයේදි උදෑසන මිල දර්ශක සීඝ්‍රෙයන් පහත වැට්‍ම නිසා ගණුදෙනු තාවකාලිකව අත්හිටුවිමට සිදු වු අතර එදින සමස්ත දර්ශකය සියයට 6.22කින් සහ එස්.ඇන්ඩ්.පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සියයට 11.72කින් පහත වැටුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...