මහනුවර දිගන තෙල්දෙනිය ප්‍රදේශවල ඇතිවූ ජාතිවාදී ගැටුම් පිටුපස සිටින මහසොහොන් බලකායට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරනුලබන ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකුගේ උපදෙස් ලැබී තිබෙන බවට ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ නැමැත්තාට මෙම කැබිනට් අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙන බවත් මෙම අමිත් වීරසිංහ මෙම කැබිනට් අමාත්‍යවරයා සමග කටයුතු කර ඇති බවත් මහසොහොන් බලකාය යන නාමයද ලබාදී තිබෙන්නේ මෙම කැබිනට් අමාත්‍යවරයා විසින් බවත් වාසිදේව නානායක්කාර මහතා පෙන්වා දෙයි.
මේ ගැන තවත් තොරතුරු ගවේෂණාත්මකව පොලීසිය මගින් තමා ලබාගනිමින් සිටින බවත් එම සියලුම තොරතුරු ලබාගත් පසුවව මෙම කැබිනට් අමාත්‍යවරයාගේ නම හෙළිකරමින් සියලුම තොරතුරු රටට හෙළිකරන බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...