දැනට පවතින ඇඳිරි නීතිය කොළඹ , ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට හැර අනෙකුත් දිස්ත්‍රික්කවල අද (23) උදෑසන 6.00 ට ඉවත් කර යළි දහවල් 2.00 ට පනවනු ලබයි.
එම ඇඳිරි නීතිය ඉවත් කරන කාලය තුළ අදාළ දිස්ත්‍රික්කවල ජනතාවට වෙළෙදපොල වෙත ගොස් භාණ්ඩ මිලදී ගැනීම සඳහා අවශ්‍ය විධිවිධාන රජයෙ මේ වනවිටත් සළසා තිබේ.
භාණ්ඩ මිලදී ගැනීමට නිවසකින් එක් පුද්ගලයෙකු පමණක් වෙළෙඳසැලට පැමිණිය යුතු අතර එහිදී කුඩා දරුවන් හා වයෝවෘද්ධ පුද්ගලයන් නොයා යුත් බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
උණ ,කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හෝ වෙනත් රෝගී තත්වයකින් පෙළෙන අයෙක් නම් වෙළෙඳපොල වෙත නොයා යුතුයි.
එසේම ස්වයං නිරෝධානයට ලක්විය යුතු බවට හඳුනාගත් අයෙකු වෙළෙඳපොල වෙත පැමිණියහොත් ඔහුට දඬුවම් ලැබීමට සිදුවන බව පොලීස අවධාරණය කරයි.
එමෙන්ම, ඔබ වෙළෙඳපොළට යාමේදී මුඛ ආවරණ පැළඳීම අනිවාර්යෙන් සිදුකළ යුතු අතර වෙළෙඳපොලේදී අනෙක් පුද්ගලයන් අතර මීටරයක අවම දුරක් තබා ගත යුතුයි.
මුදල් අයකැමි සමග ගනුදෙනු කිරීමේදීත් හැකිතරම් දුරක සිට එම කටයුත්ත සිදු කිරීම හරහා කොරෝනා වෛරසය ආසාදනය වීම අවම කර ගත හැකියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...