ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාකේලි මැතිණිය තම වෛද්‍යය කාර්ය මණ්ඩලයේ නිළධාරියෙකු COVID-19වෛරසය ආසාදිත වී ඇතැයි හඳුනා ගැනීමත් එම නිළධාරියා සමඟ ඇය ළඟින් ඇසුරු කිරීමත් හේතුවෙන් ඇගේ වෛද්‍යයවරු ඇයට ස්වයං නිරෝධායනයට ලක් කර ඇතැයි පැවසේ. මේ අනුව ඉරානය හැරුනු විට ඉහළම මහජන නියෝජිතයෙකු COVID-19 වෛරසයේ බලපෑමට ලක් වූ ප්‍රථම රට බවට ජර්මනිය පත්වී තිබේ.
මේ අතර අමෙරිකාවේ පළමු COVID-19 වෛරසය ආසාදිත සෙනට් සභිකයා බවට සෙනට් සභික රෑන්ඩ් පෝල් මහතා පත්වී ඇතැයි අමෙරිකානු මාධ්‍යය වාර්තා පවසති. ප්‍රංශ මාධ්‍යය වාර්තා පවසා සිටින්නේ COVID-19 වෛරස ආසාදිතයන්ට ප්‍රතිකාර කරමින් සිටි ප්‍රංශ වෛද්‍යයවරයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි. ලෝක පූජිත ඔපෙරා තරුවක් වූ ප්ලැසිඩෝ ඩොමින්ගෝ මහතාද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි පැවසේ.
කොලොම්බියාවේ බොගෝටා නුවර පිහිටි සිර කඳවුරක COVID-19 වෛරසය සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිර කරුවන් 23 දෙනෙකු මිය ගොස් 83 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...