දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මනිත්‍රිවරුන්ගෙන් කොටසක් කැමැත්ත පළකර තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ජේෂ්ඨ නියෝජිතයෙකු ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද දේශපාලන පක්ෂ නියෝජිතයින් සමග පසුගිය දිනවලදී සාක්ච්ඡා කළ බවත් එම සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින බවත් එම ජේෂ්ඨ නියෝජිතයා සඳහන් කළේය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු දැනටමත් මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීමට කැමැත්ත පළකර තිබෙන බවත් තවත් මන්ත්‍රිවරුන් සමග සාක්ච්ඡා කරමින් සිටින බවද එම නියෝජිතයා සඳහන් කළේය.

මීට අමතරව මහනුවර ඇතිවූ සිද්ධි වැළැක්වීමට හැකියාව තිබියදී එය නිසියාකාරව පාලනය නොකිරීම සම්බන්ධයෙන් එවකට නීතිය හා සාමය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ජනතා නියෝජිතයින්ගේ විරෝධය එල්ලවී තිබෙන අතර මෙම විශ්වාසභංග යෝජනාව සඳහා එම ජනතා නියෝජිතයින්ගේද සහය ලබාගැනීමට සාකච්ඡා කරමින් සිටින බවද එම නියෝජිතයා ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 54 දෙනාගෙන් 38 දෙනෙකු මේ වන විට මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කර ඇති බවත් ඉතිරි පිරිස ඉතා කඩිනමින් අත්සන් කරන බවත් එම නියෝජිතයා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් මීට අත්සන් කිරීම 9 වැනි සිකුරාදා රාත්‍රියේ සිට ආරම්භ කළ බවත් එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ඇතැම්විට විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකොට ඡන්දය විමසන අවස්ථාවේදී විශ්වාසභංග යෝජනාවට සහාය ලබාදීමට සුදානමින් සිටින බවද ඒකාබද්ධ විපක්ෂයේ එම ජේෂ්ඨ නියෝජිතයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More