මේ වන විට සිය වෘත්තියේ වැඩි කාලයක් ලන්ඩනයේ ගත කරන මහාචාර්ය අතුල සුමතිපාල මහතා, වෛද්‍ය ක්ෂේත්‍රෙය්ද, පර්යේෂණ ක්ෂේත්‍රෙය්ද අත්දැකීම් රැසක් ඇති අයෙකු ලෙස දියතලාව නිරෝධායන කදවුරේ සිට තැබී ෆේස්බුක් සටහන මේ වන විට ආන්දෝලනාත්මක වී තිබේ. ඒ ඔහු විදේශයක ජීවත්වෙමින් ලද අත්දැකීම් ද සසදමින් තබා ඇති මෙරට නිරෝධායන ක්‍රියාවලිය විශිෂ්ඨ බවට කරන ප්‍රකාශයයි.
ඔහු ඒ සමාජ ඡාලා පණිවුඩයේ සදහන් කරන පණිවුඩය මේ රටේ සියලු ජනතාව කියවා තේරුම්ගත යුතු යැයි හැගෙයි. ඊට හේතුව නම් මෙතෙක් කල් සිදුවූ විවේචනවලට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකට විද්වතෙක් වන මහාචාර්ය අතුල සුමතිපාල මහතා තැබූ සටහනේ පිළිතුරු අන්තර්ගතවී තිබීමයි
‘‘ ලැබුන මුල් අවස්ථාවේම මේ පුංචි පණිවිඩය. මම මාර්තු 18 ලංකාවට පැමිණියා. දැනට දියතලාව හමුදා ඇකඩමියේ පවත්වාගෙන යන නිරෝධන කදවුරේ කාර්ය මණ්ඩලයට අනුගතව නිරෝධනයට ලක්ව සිටිනවා. ලන්ඩනයේ හිත්රෝ ගුවන් තොටුපලේ සිට මෙතනට පැමිණීම දිග කතාවක්. එත් කියන්න තියන සාරාංශය ඉතාම පැහැදිලියි. ඉතාමත් කල්පනාකාරීව සැලසුම් සහගත් ලෙස ගෙන යන මේ වැඩපිළිවල ලෝකයටම ආදර්ශයක්. ඒ නිසා මම කාගෙනුත් ඉල්ලන්නේ නොකෙරෙන පොඩි පොඩි දේවල අඩුපාඩු ගැන හෝ මිට වඩා කල හැකියයි සමහරු හිතන දේ ගැන නෙමෙයි, මේ ඉහලින්ම කෙරෙනේ දේ ගැන සාධනීයව දකින්න. මේ කොරෝන වසංගත මර්දනයට එරෙහි වැඩපිළිවලට හමුදාව සම්බන්ධ කර ගැනීම ඉතාමත් (ඉතාමත්ම) නිවැරදි තීරණයක්. ලෝකයේ ඇති ඉහලම සෞක්‍යසේවාවන් අතර පවතින, සුවිශේෂව අපේ රෝග වැළක්වීමේ සේවාවන් වගේම ප්‍රතිකාර සේවාවන් ඉටුකරන කාර්යය අති විශිෂ්ටයි. මෙහිදී විශේෂයෙන් සෞක්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනෙරල් විශේෂඥ වෛද්‍ය ජාසිංහ මෙන්ම වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මගේ ආදරණිය හා ගෞරවනීය මිතුරාටත් මගේ ආචාරය. සමස්ත සෞක්‍ය සේවයේ උදාර සහුර්දයනි, ත්‍රිවිද හමුදාවේ විරෝධාරා රණවිරුවනි, පෙරමුණ බලඇණියේ රාජ්‍ය සේවකයනි, ඔබ සැමට මගේ හද පිරි ගෞරවය. ලාංකීය ජාතියේ නියාය පත්‍රය දෙවන තැනට දමා පටු අරමුණු ඉදිරියට ගෙනෙන ඉඩ කඩ අහුරවාලමින්, සමස්ත ශ්‍රී ලංකා වැසියනි, ඔබ ඔබගේ නොමසුරු කැපවීම සහය මේ අවස්ථාවේ රජය ගෙනයන මේ කොරෝන පැරදවීමේ සටනට පුද දීම අතිශයෙන්ම වැදගත්ය. සේනාධිනායක ගරු ජනාධිපති ගෝටභය රාජපක්ෂ මැති තුමනි, ජාතිය ඔබෙන් මේ අවස්ථාවේ ඉල්ලන දේශපාලන නායකත්වය ඉතමත් නිවැරදිව කැපවීමෙන් පුද කරන ඔබ තුමාට ශ්‍රී ලාංකීය ජාතිය මේ අර්බුධයෙන්ද මුදවා ලීමට ඇති හැකියාව ගැන නැවත දැඩි විශ්වසයකින් මේ සටහන නිම කරමි”
මහාචාර්ය අතුල සුමතිපාල නිරෝදායනයට ලක් වෙමින්
Gepostet von Lanka Lead News am Montag, 23. März 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...