සංඛ්‍යා ලේඛනමය වශයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ සෑම රෝගියකුටම මාසයක් ඇතුළත වෛරසය තවත් 406 දෙනකුට සම්ප්‍රේෂණය කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසයි. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය රොබට් ඒ.ජේ. සින්ගර් විසින් ‘සමාජ දුරස්ථ භාවය හා කොවිඩ්-19 පිටුපස ඇති ගණිතය’ පිළිබඳ කරන ලද පර්යේෂණය උපුටා දක්වමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
‘ග්ලෝබල් නිවුස්’ වෙබ් අඩවියේ පළකර ඇති ලිපියක් ඔස්සේ සහකාර මහාචාර් සින්ගර් ප්‍රකාශ කර ඇත්තේ ලොව පුරා පර්යේෂකයන් රැසකගේ වාර්තා පදනම් කරගනිමින් සිය ලිපිය සම්පාදනය කර ඇති බවයි.
මෙම ලිපියට අනුව වෛරසය ආසාදනය වුවද දින 05ක් රෝග ලක්ෂණ නොමැතිව පසුවන, සමාජ දුරස්ථ භාවය ආරක්ෂා නොකරන පුද්ගලයකුගෙන් වෛරසය තවත් පුද්ගලයන් 2.5කට ආසාදනය විය හැකි බවයි. සහකාර මහාචාර්යවරයා පෙන්වා දී ඇත්තේ වෛරසය පිළිබඳව කරන ලද නවතම පර්යේෂණවලදී ආසාදනය වී දින 05ක් ගතවන තුරු බහුතරයක් පුද්ගලයන්ට රෝග ලක්ෂණ පහළ නොවන බව තහවුරු වී ඇති බවයි.
සංඛ්‍යා ලේඛනගත පැහැදිලි කිරීම්වලට අනුව දින 05ක් ඇතුළත මෙලෙස පුද්ගලයන් 2.5කට සම්ප්‍රේෂණය වන වෛරසය දෙවනුව ආසාදිත එම පුද්ගලයන් හරහා මාසයක කාලයක් (දින 30ක්) ඇතුළත තවත් පුද්ගලයන් 406කට ආසාදනය විය හැකි බව අදාළ ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ. මේ අනුව ආසාදිත පුද්ගලයන් හුදෙකලා කිරීම වෛරසය මැඬලීමට ඇති එකම සහ හොඳම විසඳුම බවද එම ලිපියෙන් අවධාරණය කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...