විදේශ පුවත්

ඉරානයේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට උදව් කිරීමට ඇමරිකාවට අවශ්‍ය නම් ඔවුන් විසින් ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කළ යුතු බව ඉරාන ජනාධිපති හසන් රුහානි පවසයි.

වොෂින්ටනයේ මානුෂීය ආධාර පිළිගැනීමට ඉරානයේ කිසිදු අදහසක් නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

“ඇමෙරිකානු නායකයන් බොරු කියනවා. ඔවුන්ට ඉරානයට උදව් කිරීමට අවශ්‍ය නම් ඔවුන් කළ යුත්තේ සම්බාධක ඉවත් කිරීම පමණයි. එවිට අපට කොරෝනා වයිරසය පැතිරීම සමඟ සටන් කළ හැකියි” යනුවෙන් රුහානි පැවසීය.

කොරෝනා වයිරසයෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 1,812 දක්වා ඉහළ ගොස් ඇති අතර නව මරණ 127 ක් සිදුව තිබේ.

වයිරසයෙන් දරුණු ලෙස පීඩාවට පත්ව ඇති ඉරානයේ, මේ වනවිට ආසාදිත පුද්ගලයින් 21,000 කට අධික සංඛ්‍යාවක් සිටින අතර  සෑම මිනිත්තු 10 කට වරක් එක් පුද්ගලයෙකු මිය යන බව සඳහන් වේ.

(රොයිටර් පුවත් ඇසුරිණි )



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More