කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය නැසීම සඳහා යැයි කියා ක්ලෝරෝක්වින් ඖෂධය භාවිත කළ නයිජීරියානුවන් තිදෙනෙකු එය විෂවීමෙන් රෝහල්ගත කිරීමත් සමග එරට සෞඛ්‍ය බලධාරීන් එම ඖෂධය භාවිතය පිළිබඳ අනතුරු ඇඟවීමක් කර තිබේ.
එරට ලාගෝස් ප්‍රාන්ත නිලධාරියෙකු පවසා ඇත්තේ, මෙම ඖෂධය ගැනීමෙන් තිදෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.
පසුව කොවිඩ් -19 ප්‍රතිකාර සඳහා ක්ලෝරෝක්වින් භාවිත කිරීමට එරෙහිව අනතුරු අඟවමින් නයිජීරියානු සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශයක් නිකුත් කර ඇත.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේ ධවල මන්දිරයේ පැවති රැස්වීමකදී කියා සිටියේ කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීම සඳහා ඉතා බලවත් ඖෂධයක් ලෙස ක්ලෝරෝක්වීන් එරට ආහාර හා ඖෂධ පාලනාධිකාරිය විසින් අනුමත කර ඇති බවයි. නයිජීරියානුවන් මෙම වෛරසය මැඬලීම සඳහා එය භාවිත කිරීමට එය හේතු වී තිබේ.
මේ අතර ශ්‍රී ලංකාවේ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම ඖෂධය කොරෝනා රෝගය මැඬලීම සඳහා භාවිත කරන ලෙස පසුගියදා ජනතාවට උපදෙස් දුන් අතර, පසුව ක්ලෝරෝක්වීන් ඖෂධය කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම වළක්වන ඖෂධයක් නොවන බවත්, එය අනවශ්‍ය ලෙස මිලදී ගැනීමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජනතාවට උපදෙස් දෙනු ලැබීය.
කෙසේ වෙතත්, එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පාලනාධිකාරිය පසුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම ක්ලෝරෝක්වින් ඖෂධය කොවිඩ්-19ට එරෙහිව භාවිත කිරීම සඳහා අනුමත කර නොමැති බවයි.
එමෙන්ම චීනයේ, එක්සත් ජනපදයේ සහ වෙනත් රටවල වෛද්‍යවරු කොවිඩ් -19 රෝගීන් සඳහා මෙම ඖෂධය පර්යේෂණාත්මකව භාවිත කර තිබුණත්, එය මිනිසුන්ට හෝ රෝගය පාලනය කිරීම සඳහා ඵලදායී බවට සායනික සාක්ෂි තවමත් නොමැති බව සඳහන්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...