කොරෝනා ව්‍යසනකාරී තත්වයෙන් රටක්, ජාතියක් ලෙස මුහුණදීම සඳහා සර්වපාක්ෂික යාන්ත්‍රණයක් සකස්කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ, අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (24) පැවති පක්ෂ නායක හමුවේදී යෝජනා කර තබේ.
පැවති පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම පක්ෂවල නායකයින්ට ඒ සඳහා ආරාධනා කර තිබූ අතර ඊට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සහභාගී වී තිබිණි.
එම පක්ෂ නායක හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ විජිත හේරත් මහතා,
“කොරෝනා වෛරස තත්වය ජාතික ව්‍යසනකාරී තත්වයක්. මෙම ජාතික ව්‍යසනකාරී තත්වයට අපි රටක් ජාතියක් විදිහට සියලුදෙනා එක්ව මුහුණ දිය යුතුයි. පක්ෂ බේදයෙන් තොරව, ආගම්, කුල බේදයෙන් තොරව, ජාති බේදයෙන් තොරව සියලුදෙනාම එක්ව මේ ව්‍යසනයෙන් මුදවා ගැනීමට මැදිහත්විය යුතුයි. අන්න ඒ අර්තයෙන් ජනතා විමුක්ති පෙරමුණ විදිහට අපි ආණ්ඩුවට යෝජනා කළා සියලු දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා ඒ වගේම ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය දායක කරගැනීම සඳහා වන යාන්ත්‍රණයක් සකස් කරන්න කියලා. ඒ යාන්ත්‍රණයට සියලු පක්ෂවලට සම්බන්ධ විය හැකි ආකාරයට එය ගොඩනගන්න කියලා.
ඒ නිසා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී අපි එවැනි යාන්ත්‍රණයක් සකස් කරන ලෙස යෝජනා කළා. ඒ සඳහා උපරිම මැදිහත්වීම කරන්න අපි සූදානම් බවත් දැනුම්දුන්නා. ඒ අනුව ඉදිරියේදී මෙම ව්‍යසනයට මුහුණදීම සඳහා අපි කවුරුත් එක්ව කටයුතු කළ යුතුයි කියන එක අපි අවධාරණය කළා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...