කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා හදිසි ඇමැති මණ්ඩල රැස්වීමක් අද (25 වැනිදා) පෙරවරු 10.00ට පැවැත්වීමට නියමිතව ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙයි.
සාමාන්‍යයෙන් ඇමැති මණ්ඩලය රැස්වන්නේ සෑම සතියකම බදාදා දිනයේය. නමුත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගත යුතු තවත් ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතව ඇත. මෙම ඇමැති මණ්ඩල රැස්වීමට කිසිදු අමාත්‍ය මණ්ඩල පත්රිකාවක්ද ඉදිරිපත් වි නොමැත.
අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසු ජනාධිපතිවරයා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සමග විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතව ඇත. එදින ජනතාවට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ භාණ්ඩ බෙදා හැරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...