මෙරටින් වාර්තාවන කොවිඩි නයිටීන් රෝගීන් සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් තිබේ.
වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ඊයේ(24) දිනය තුළ පමණක් කොරෝනා වෛරස අසාධිතයින් 05දෙනෙකු වාර්තා වන බවයි.
මේ වන විට කොරෝනා වෛරසය බවට සැකපිට පුද්ගලයින් 229 දෙනෙකු මෙරට රෝහල් 19ක ප්‍රතිකාර ලබමින් සිටියි.
ඒ අතර විදේශිකයින් 06 දෙනෙකුද වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
පුද්ගලයින් 97 දෙනෙකු අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබන අතර පුද්ගලයින් 27 දෙනෙකු වැලිකන්ද මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
කළුතර නාගොඩ රෝහලේ පුද්ගලයින් 12දෙනෙකු ද හම්බන්තොට මුලික රෝහලේ පුද්ගලයින් 11 දෙනෙකුද , කුරුණෑගල ශික්ෂණ රෝහලේ පුද්ගලයින් 10 දෙනෙකු ද ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.
මෙරටින් කොරෝනා වෛරසය අසාදනය වු පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...