දේශීය පුවත්

ජාතික විද්වද් භික්ෂු සංසදය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග කළ සාකච්ඡාවකින් අනතුරැව කොරෝනා වෛරසය හේතුවෙන් පිඩා විදින විහාරස්ථාන, පිරිවෙන් හෝ සේනාසන වෙත් නම් එවැනි ස්ථාන වෙනුවෙන් සහයෝගය ලබා දීමට සුදානම් බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

එවැනි විහාරස්ථාන, පිරිවෙන් හෝ සේනාසන වෙත් නම් 0712 178 873 දූරකථන අංකයට කථා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් මගින් පහත සඳහන් තොරතුරු ලබාදීමට කාරුණික වන ලෙස ජාතික විද්වත් භික්ෂු සංසදය මාධ්‍ය නිවේදනයක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත.

ප්‍රවෘත්ති නිවේදනය යි

01 මුලු මහත් ලෝකයට ම අභියෝගයක් වූ නව කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම හා වැලැක්වීම සඳහාත් සාමාන්‍ය ජනජීවිතය හා රටේ ආර්ථිකය යථා පරිදි පවත්වාගෙන යාම සඳහාත් අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය දිවාරාත්‍රී නොබලා ගන්නා වූ ප්‍රයත්නය අතිශයින් ම ප්‍රශංසනීය ය.

02 මෙම ආපදාපන්න අවස්ථාවේ දී වෛද්‍යවරුන් ඇතුළු රෝහල් හා සෞඛ්‍ය කාර්යාංශ, ත්‍රිවිධ හමුදාව හා පොලීසියත් අත්‍යවශ්‍ය සේවා සහ සැපයුම් සේවාවන්හිත් කැපවීම බෙහෙවින් ම අගය කළ යුතු ය.

03 අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ මහාසංඝ රත්නය රජය විසින් ගනු ලබන තීන්දු-තීරණවලට අනුගත වෙමින් පරිත්‍රාණ ධර්මදේශනාවන් පවත්වමින් කරනු ලබන ආශීර්වාද අවශ්‍ය ම වූවක් බව ද සිහිපත් කරමු.

04 සුපුරුදු දෛනික ජීවිතය හා පහසුකම් පසෙක ලා රජයේ නියමයන්ට අනුගත ව ව්‍යසනය දුරු කරගැනීම සඳහා සහයෝගය දක්වන පොදු මහජනතාව ද සිය ජාතික වගකීම ඉටු කරති. මෙබඳු අවස්ථාවක දී අපගේ සංස්කෘතිය විසින් උගන්වා ඇති “පිලිහුඩුවලින් වැලකීම” “පේවීම” වැනි තහංචි, ආකල්ප හා ප්‍රතිපත්ති වෙත අවධානය යොමු කරවන අතර තරගකාරී අධිපරිභෝජනවාදී ආකල්පයෙන් තොර ව සිව්පසය පිළිබඳ බෞද්ධ ආකල්ප තුළ රැඳෙමින් කටයුතු කරන ලෙස අනවශ්‍ය තරගයක යෙදෙන සුලු පිරිසගෙන් ඉල්ලා සිටිමු. “රක්තාක්ෂි ව්‍යසනය” “බැමිණිටියාසාය” ආදි වසංගත හා ව්‍යසනයන්ට මුහුණ දී රටත් ජාතියත් සම්බුද්ධ සාසනයත් සුරක්ෂිත කරගත් අපි තවදුරටත් දූරදර්ශී ව හා වගකීමෙන් කටයුතු කළ යුතු ව ඇත.

05 මෙම ආපදාපන්න අවස්ථාවේ දී සිව්පසය ඇතුළු යැපීම් පිළිබඳ යම් දුෂ්කරතාවකට පත් විහාරස්ථාන, පිරිවෙන්, සේනාසන පිළිබඳ ව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ද විමසන ලදි.
එබැවින් එබඳු විහාරස්ථාන, පිරිවෙන් හෝ සේනාසන වෙත් නම් 0712178873 දූරකථන අංකයට කථා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් මගින් පහත සඳහන් තොරතුරු ලබාදීමට කාරුණික වන්න.

# විහාරස්ථානයේ/පිරිවෙනේ/සේනාසනයේ නම සහ ලිපිනය:-
# ප්‍රධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ නම සහ දූරකථන අංකය:-
# ග්‍රාම නිලධාරී කොට්ටාසය සහ ග්‍රාම නිලධාරීගේ නම සහ දූරකථන අංකය:-
# ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය:-

අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් සපයාදීම/සපයා දීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය කිරීම ජාතික විද්වද් භික්ෂු සංසදය විසින් කරනු ලැබේ. ඉහත සඳහන් තොරතුරු නිවැරැදි ව ලබාදීමෙන් සහයෝගය ලබාදීමට ගතවන කාලය අවම කරගත හැකි බව කරුණාවෙන් සලකනු මැනවි.

අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන රජය විසින් ගනු ලබන තීන්දු-තීරණ ජනතාවගේ ආරක්ෂාව උදෙසා ඉතා වගකීමෙන් හා දුරදක්නා නුවණින් යුක්ත ව ගෙන ඇති බැවින් ඊට උපරි ම සහාය ලබාදෙන මෙන් ගරුතර මහාසංඝ රත්නයෙන් හා පොදු මහ ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්ථවිර

ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර ස්ථවිර

(සංවිධායක මණ්ඩලය වෙනුවෙන්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More