කොවිඩ් 19 වෛරසය යාපනයට රැගෙන පැමිණි ස්විස් දේවගැතිවරයා අන්තවාදී ආගම්පතුරුවන්නෙක් බව විමර්ශනවලින් හෙළිවී තිබේ.
ඇදහිලි මගින් රෝග සුව කිරීමට හැකි බව එම අන්තවාදී ආගමික නිකායේ ඉගැන්වීම බව ද අනාවරණය වී ඇත. මේ පුද්ගලයා යාපනයේ මුල් පදිංචිකරුවෙකු වන ද්විත්ව පුරවැසියෙක් බව විමර්ශනවලින් හෙළිවී තිබේ. ඔහු මෙරටට පැමිණ ඇත්තේ ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රය භාවිතා කරමින් වුවත් පිටත් වී ඇත්තේ සිවිස් ගුවන් ගමන් බලපත්‍රෙයනි.
ඔහුට අයත් නිවස ඇතුළු දේපළ රැසක්ම යාපනයේ ඇති බවද ආනාවරණය වී ඇත. ඔහුගේ බිරිද ද යාපනයේ පදිංචිව සිටි තැනැත්තෙකි. මෙම දේවගැතිවරයා මෙරටට පැමිණෙන විටත් උන රෝගයෙන් පෙලී ඇති බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.
එසේම ඔහු මෙරටින් පිටත්ව යන විටත් සිට ඇත්තේ අසාධ්‍ය තත්වයකිනි.
උණ රෝගීන් නිරීක්ෂණය කිරීම සදහා ගුවන් තොටුපලේ සවිකර ඇති යන්ත්‍රවලට හසු නොවී මෙම පුද්ගලයා මෙරටට පැමිණිමත් පිටවීමත් ගැන මේ වන විටත් යාපනයේ සෞඛ්‍ය අංශ වෙත ගැටළුවක් ව පවතී.මෙම දේවගැතිවරයා මෙරටට පැමිණීම ගැන මේ වන විට පොලිස් විමර්ශනයක් ආරම්භ වී තිබෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එච්. චාල්ස් මහත්මිය සදහන් කරයි.
නිසි ප්‍රතිකාර නොමැතිව ඇදහිලි මිගින් රෝග සුව කිරීමක් කළ නොහැකි බවද ඒ මහත්මිය වැඩිදුරටත් සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...