දේශීය පුවත්

අද(25) දිනයේ ජාතික වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවට අනුව 24 වන දින අළුතින් සොයාගත් කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව 5දෙනෙකුට සීමා වී ඇති බව පැවසේ.එය  23 වන දිනයේ වාර්තා වූ නව රෝගීන් 10 දෙනා සමඟ සැසඳිමේදී  COVID-19 වෛරසය අළුතින් ආසාදිතයන්ගේ  පහළ යාමකි.

කෙසේ වුවද රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමය පවසා සිටින්නේ රෝහල් වල රෝහල් වල සිටින වෛරසය ආසාදිතයන් මෙන්ම රෝහල් වලට නොපැමිණි ආසාදිතයන් 552ක් රටපුරා සිටිය හැකි බවයි. ජාතික වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවට අනුව COVID-19 වෛරසය ආසාදිතයන්ගෙන් 4.9%ක් වයස අවුරුදු 10ට අඩු අය වන අතර වයස අවුරුදු 11-20 ත් අතරද සමස්ථ ආසාදිතයන්ගෙන් 4.9%ක් සිටින බව පැවසේ.

වයස අවුරුදු 21-30 සහ වයස අවුරුදු 31-40 අතර වයස් කාණ්ඩවල හමුවන ආසාදිතයන් ප්‍රමාණය ප්‍රතිශතාත්මකව එක් කාණ්ඩයක 16.7% බැගින් වේ.වැඩිම ආසාදිතයන් පිරිසක් හමුවන්නේ වයස් කාන්ඩ 41-50 කාණ්ඩයේ වන අතර එම අගය 33.3%කි. වයස අවුරුදු 51-60 කාණ්ඩයේ වෛරසය ආසාදිත ප්‍රතිශතය 15.7% කි. වයස අවුරුදු 61-70 කාණ්ඩයේ වෛරසය ආසාදිත ප්‍රතිශතය 6.9%කි.වයස අවුරුදු 71-80 අතර වෛරසය ආසාදිත වූවන් 1%ක් තරම් අඩු අගයක් ගනිද්දී අවුරුදු 81-90 අතර කාන්ඩයේ එකදු රෝගියෙක් වත් හමු නොවේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදිතයන් අතර දරුවන් සහ වැඩිහිටියන් අඩු ප්‍රතිශතයක් පෙන්වීම රෝගීන් ගේ මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට ඉවහල් වන බව පැවසේ. තවද වාර්තාවට අනුව වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගෙන් 68%ක් පුරුෂ පාර්ශවයේ වන අතර 32%ක් ස්ත්‍රී පාර්ශවයේ වෙයි. ශ්‍රී ලංකාවේ COVID-19 වෛරස ආසාදිතයන් හමුවීම රට අනුව වර්ග කිරීමේදී ප්‍රංශය , ඉන්දියාව සහ චීනය යන රටවලින් 1% බැගින් වාර්තා වන අතර ආසාදිතයන්ගෙන් 97.1% ක්ම ශ්‍රී ලාංකිකයන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More