Uncategorized

හෙට පැය කීපයක් ඇදිරි නිතිය ඉවත් වන නිසා අවධාරණය කල යුතුම කරුණු කීපයක් මේ සමග. පුළුවන් තරම් බෙදාගන්න. හෙට ඇදිරි නිතිය ඉවත් කල ගමන් නොකළම යුතු දේ ගැන නැවත හිතන්න, කියන්න, බෙදාගන්න හැසිරීම… වගකීම් සහගත හැසිරීම, හැම දෙනාගේම පණිවිඩය විය යුත්තෙම එයයි. මේ ගැන කෙටි දැන්වීම්, තොරතුරු අවධාරණය කිරීම් හැකි හැම ආකාරයකින්ම කරන්න. සියලු ප්‍රධාන මාධ්‍ය හරහා වගකිව යුතු නිලධාරීන් කියන දේ හොදින් පිළිපදින්න. පෝලිම් වල තෙරෙපෙන්න යන්න එපා.

වේලක් දෙකක් නැතිවුනත් මැරෙන්නේ නැහැනේ. එත් මේ වසංගතය පැතිරුනොත් ඔබ දන්නා හෝ නොදන්නා කවුරු හෝ අනතුරේ.අඩි තුනේ දුර තියාගන්න. කඩෙන් ගත්ත මුඛ ආවරණ නැත්නම් ගෙදරදී සැකසූ එකක් හරි පාවිච්චි කරන්න. හොදම දේට වඩා තියන දේ හොදයි. සමහරුන්ගේ තර්කය මෙම වෛරසය වාතය හරහා සංක්‍රමණය නොවන නිසා මුඛ ආවරණ අවශ්‍ය නැති බවයි.

නමුත් මුඛ ආවරණයක් පැලදීමෙන් වෙන අවාසියක් නැහැ. තමනට කිඹිහුමක් ගියත් නොදැනුවත්ව රෝගය ඇති අයකුට වෙන එයෙකුට කිඹිහුමක් ගියත් එහෙම කෙනෙක් ලග තමන් හිටියොත් එයින් ආරක්ෂාවක් ලැබෙනවා. තමන්ගේ දෑත් ආරක්ෂා කරගැනීම තමයි වැදගත්ම. ඊටත් වඩා වැදගත් දේ ගෙදරින් යන්න පෙරත් ගිහින් ආවට පසුත් අත හොදින් සබන් දාලා තත්පර 20 කට වඩා හෝදන්න. එලියට යන විට පැලදී ඇදුම් එලියේ ඉවත් කර සබන් වතුරට දමන්න. හැබැයි අනවශ්‍ය ලෙසට බය වන්නත් එපා.

මින් මිය යන්නේ 2%-3% ක්. එත් එකත් ලොකු ගානක්. ඇදිරි නිතිය දාන්නේ පාරේ විතරක් නොයා ඉන්න නොයා ඉන්න කියල නෙමෙයි. ගෙදරම ඉන්න කියල අත්‍යවශ්‍ය නැතිනම් ගෙදරින් ගෙදරකට වත් යන්න එපා. මේක ආණ්ඩුවේ විතරක් නෙමෙයි අපි කාගේත් වගකීම යුතුකම.

මහාචාර්ය අතුල සුමතිපාල
දියතලාව නිරෝදායන කදවුරේ සිට



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More