මුහුණු පොතෙන්

මේක ටිකක් කියවන්න..!

March 26, 2020 11:55 am | Lanka Lead News

මේක තප්පර 60ක් වැය කරලා කියවන්න..!

ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකයා…
රෝයල් තෝමියන් මැච් එකේ හිටිය ආසාදිතයා.. .
වරකාපොල ආසාදිත මන්ත්‍රී…
රාගම බොරු කරපු ඉතාලි ආසාදිතයා…
මේ ඔක්කොම අය ආසාදිතයන් කියලා හොයාගන්නේ මාර්තු 12 වෙනිදායින් පස්සේ…

ඊටත් පස්සේ තමයි ස්විස්ටර්ලන්ත පූජකයා ගැන ආරංචි වෙන්නේ…

එහෙම නං මෙයාලගෙන් ආසාදිත වෙච්ච කට්ටිය හම්බවෙන්න ඒ හොයාගත්ත දවස්වල ඉදලා තව දවස් 14 විතර නැත්නං ඊටත් වඩා දවස් යනවා…
සමහර අයව තාම හොයනවා…
එහෙනං මේ අයගෙන් ආසාදිත වෙච්ච අනික් අය මතුවෙන්නේ මාර්තු අන්තිම වෙනකොට…
ඒ කියන්නේ කොරෝනා ලංකාවේ වැඩ පෙන්නන්න පටන් ගන්නේ මාර්තු අන්තිමට නැත්තං අප්‍රේල් මුල…
මේ ගතවෙන්නේ කොරෝනාවේ සංක්‍රාන්ති කාලය…
හරියට සුනාමිය එන්න කළින් මුහුද පස්සට ගිය කාලය වගේ දවස් ටිකක්…

එහෙමනං අපි තවමත් ඉන්නේ අධි අවදානමක…
ඇදිරිනීතිය ඉවර උන ගමන් කඩවල, සුපර් මාර්කට්වල පිරෙන්න යන්න එපා…
අවශ්‍ය නම් පමණක් ගෙදරින් එක් අයෙක් පමණක් ආරක්ෂාකාරීව ළගම ඇති කඩේට ගිහින් අවශ්‍ය දේ පමණක් මිළදී ගන්න…
සම්බෝලයි බතුයි කාලා හරි ඇදිරි නීතිය ඉවර උනාම තව දුරටත් ගෙදරට වෙලාම ඉන්න…
කන්න බොන්න උනත් අපි ජීවත්වෙලා ඉන්න ඕනි…

රට වෙනුවෙන් 10 දෙනෙක් දැනුවත් කරන්න

උපුටා ගැනීම මුහුණු පොතෙන්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More