ඒ එෆ් පී පුවත් සේවයේ නවතම වාර්තාවකට අනුව ලෝක ජනයාගෙන් සෑම තුන් දෙනෙකුගෙන්ම එක් අයෙකු නිරෝධානයට ලක් කර ඇති බව පැවසේ. මේ අනුව ලෝකයේ රටවල් ගණනාවක COVID-19 වෛරසය පාලනය කිරීමේ වුවමනාවෙන් මිනිසුන් බිලියන තුනක් තම නේවාසික ස්ථාන වලට හෝ රෝහල් වලට ගාල් කර ඇත.
එය ප්‍රතිශතයක් ලෙස 37% ක් වන බව ඒ එෆ් පී පුවත් සේවයේ ගණන් බැලීමයි. මේ මොහොත වන විට ලෝකය පුරා 416,000ක ජනතාවක් වෛරසය ආසාදනයට ලක් වී ඇති අතර 18,000ක පිරිසක් කොරෝනා ආසාදනයෙන් මිය ගොස් ඇත. මේ අතර ඉන්දියාව තමන් සතු බිලියන1.3ක ජනතාවක් සමඟ “අගුළු දමා” හිර වීම හෙවත් lockdown ක්‍රියාවලියට එකතු වී ඇත.
තවද යුරෝපයේ මෙන්ම සමස්ත ලෝකයේම නව COVID-19 “අපිකේන්ද්‍රය” බවට පත්ව ඇති ඉතාලිය සමාජ දුරස්ථීකරණය පවත්වා ගැනීම පිණිස ඩොලර් 3200ක දඩයක් පනවන බවට නීති පනවා ඇත.ජර්මනියද සමාජ දුරස්තීකරනය තබා ගැනීම පිණිස නව රෙගුලාසි පණවා තිබේ.
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com
මූලාශ්‍ර – www.rt.com/news
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...