ගත වූ පැය විසිහතරක කාලය තුළ ශ්‍රී ලංකාවෙන් කිසිදු COVID-19 වෛරසය ආසාදිතයෙකු හමු වී නැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
වසංගත රෝග විද්‍යා අංශය අද(26 ) දින පෙරවරු 10:00ට නිකුත් කළ වාර්තාවට අනුව COVID-19 වෛරස වසංගතය මර්ධනයේදී කිසිදු රටක් දෙවෙනි රෝගියා වාර්තා වීමෙන් පසුව කිසිදු රෝගියෙකු වාර්තා නොවුනු දිනයක් සටහන් කළ බවක් මෙතෙක් වාර්තා කර නොමැත.
ශ්‍රී ලංකාව දෙවෙනි රෝගියා වාර්තා වීමෙන් පසුව පනස්වන රෝගියා වාර්තා වීමට චීනය ,ඉතාලිය ,කොරියාව වැනි වෛරසය ආසාදනය තදින්ම පැතිරුණු රටවලට වඩා අඩු කාලයක් ගෙන තිබුණි. එය වෛරසය පැතිරීම පාලනය කළ නොහැකි තත්වයකට පැමිණීමක් බවට මතවාද පතුරුවමින් සමහර කොටස් මහජනයා අතර බියක් ජනිත කරන්නට විය.
කෙසේ වුවද මේ තත්වය දිගටම පවත්වා ගත හොත් ශ්‍රී ලංකාවට කොරෝනා වෛරස් වුවදුරින් සිංහල අවුරුදු සමයට පෙර ගැලවී යාමට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළ හැකි බව විද්වතුන් පවසති. වෛරසය ආසාදිතයන්ගේ අඩුවක් පෙන්නුම් කළද රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ රජයේ රෝහලකට වාර්තා නොවුනු රෝගීන් 552ක් රට තුළ සැරිසරන බවත් ඒ අනුව අප්‍රේල් මස 7 වන දින වන විට වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යා ලේඛන වල වර්ධනීය තත්වයක් ඇති විය හැකි බවයි.
කෙසේ වුවද ශ්‍රී ලංකාව වසංගත රෝග විද්‍යා අංශය අද වාර්තා කළ තත්වයට පත්වීමට ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය අමාත්‍යාංශය, පොලිස් දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව මෙන්ම සමස්ත ජනයා දැක්වූ දායකත්වය මනා පිටුවහලක් විය.එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවැරදි නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයාට දෙනු ලබන සහයෝගයද අභියෝගයකට රට මුහුණ දුන් මේ අවස්ථාවේදී ඉතා විශිෂ්ට බව විද්වතුන්ගේ මතයයි.
මෙම තත්වය ඉදිරියටත් පවත්වාගෙන යමින් COVID-19 වෛරසය ආසාදනයෙන් එකදු මරණයක් හෝ සිදු නොවුනු රට බවට ශ්‍රි ලංකාව පත් කරගැනීම බවට සියලු දෙනා අධිෂ්ඨාන කරගත යුතු යැයි විද්වත්හු පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...