දේශීය පුවත්

මිරුසුවිල් යුද හමුදා කඳවුර ආසන්නයේදී අට දෙනකු මරාදැමීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වුණු යුද හමුදා විශේෂ බළකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබෙනවා.

වර්ෂ 2000 දෙසැම්බර් 20 වැනිදා යාපනයේ මිරුසුවිල් හමුදා කඳවුර ආසන්න ප්‍රදේශයේ කළ ක්‍රියාන්විතයේදී ද්‍රවිඩ ජාතිකයන් අට දෙනකු ඝාතනය කළ බවට චෝදනා කරමින් මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ඇතුළු සෙබළුන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණේ එවකට පැවැති රජයේ නියෝග මතයි.

එම සෙබළුන් චාවකච්චේරි මහෙස්ත්‍රාත් උසාවියෙන් රිමාන්ඩ් භාරයට පත්කර ඇප මත නිදහස් කළ අතර කොළඹ මහාධිකරණයේ නඩු විභාගයකින් පසුව පළමු විත්තිකරු වූ සුනිල් රත්නායකට මරණීය දණ්ඩනය නියම වුණා.

වසර දහතුනක නඩු තීන්දුවකින් පසුව සුනිල් රත්නායකට මරණීය දණ්ඩනය නියම වූ අතර සෙසු පිරිස නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More