ශ්‍රී ලංකාව සහ තවත් රටවල් 75 ක් විසින් ලබාගෙන ඇති ණය මුදල් සඳහා වාරික අයකර ගැනීම් තාවකාලිකව අත්හිටුවන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව විසින් අදාළ ණය සහන ලබා දී ඇති රටවලින් ඉල්ලා ඇත. අදාළ ආයතන වෙනුවෙන් නිකුත් කර ඇති ඒකාබද්ධ නිවේදනයේ දැක්වෙන්නේ අන්තර්ජාතික සංවර්ධන ආධාර අවශ්‍ය කෙරෙන අදාළ රටවල් 75 තුළ ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් වාසය කරන බවත්, වර්තමානයේ එම රටවල් කොවිඩ් -19 වෛරසයෙන් දැඩිව පීඩාවට පත්ව ඇති බවත්ය.
ඒ අනුව ණය සහන ලබා දී ඇති රටවල් විසින් ඒ සඳහා අත්සන් කර ඇති ද්වීපාර්ශ්වික ගිවිසුම් දීර්ඝ කරමින් ණය වාරික ගෙවීම් සඳහා සාධාරණ සහන කාලයක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව එම නිවේදනයේ සඳහන් කර ඇත.
මෙම රටවල් 75ට අයත් ශ්‍රී ලංකාව, වියට්නාමය සහ බොලීවියාව 2017 වර්ෂයේදී ‘අන්තර්ජාතික සංවර්ධන ආධාර’ ලැබිය යුතු දුගී රටවල් ලැයිස්තුවෙන් ඉවත් කෙරුණද ඒවාටද මෙම ‘ණය සහනය’ ලබා දෙන ලෙස නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...