මුහුණු පොතෙන්

යෝජනාවක්..!!!

March 27, 2020 9:03 am | Lanka Lead News

මේ ලෝකෙට බලපාලා තියෙන වසංගත තත්වයත් එක්ක ආර්ථික අර්බූදයක් වගේම ආහාර අර්බූදයකුත් නුදුරු අනාගතයේම අපේක්ෂා කරන්න පුළුවන්.. ලංකාවෙ අපිටත් ඒකෙ බලපෑමෙන් ගැලවෙන්න බැරි වෙයි.. ඒ වගේම අප්‍රේල් අග සහ මැයි මාසෙ ලැබෙන්න තියෙන වර්ශාව දරුණු උනොත් මහා පරිමාණ වගා හානි වෙන්නත් පුළුවන්..

ඒ නිසා මේ ඇඳිරි නීතියේ ගෙදරට වෙලා ඉන්න වෙලාවෙ වගාවට කැමති අයට පුළුවන් තියෙන ඉඩක ගැලපෙන වගාවකට බහින්න..

🛑 ජනතාව දිරි ගන්වන්න වැඩ සටහනක්
🛑 ඇඳිරි නීතිය කාලෙ උනත් අවශ්‍ය බීජ ලබා ගන්න ක්‍රමයක්
🛑 ක්‍රමවත් උපදේශණ සේවාවක්
වගේ සහයක් මේකෙදි ආණ්ඩුව විදිහට අඩුම ගානෙ දෙන්න පුළුවන්..

විශේෂයෙන් එදා වේල හොයා ගන්න කායික ශ්‍රමය වගුරුවන දැනට රැකියාවකුත් නැති මිනිස්සුත් මේ වගේ දේකට ‘වගා සංග්‍රාමික බලකායක්’ ලෙස ඒකරාශී කිරීමක් කරලා සැලැස්මකට යොමු කරන්න පුළුවන් නම් හැමෝටම ප්‍රයෝජනයක් තියේවි.. මේකට ප්‍රයෝජනයකට නොගෙන තිබෙන රජයේ ඉඩම් පමණක් නෙවි කැලේට යවලා තියෙන පුද්ගලික ඉඩම් හරි තාවකාලිකව පවර ගෙන වගාවන්ට යොදවන්න ජාතික වැඩ පිළිවෙලක් හදන්න පුළුවන් නම් ඒක හැමෝගෙම ඇඟට ගුණ වෙයි..

මොකද ආර්ථික අර්බුධ එක්ක අතමිටත් හිඟ වෙලා.. මාර්කට් එකට ගියාම එළවළු ගාන ඇහුවම තරුත් පේන.. බඩගින්නෙ ඉන්න එකාට බත් කටක්වත් දී ගන්න අනිත් උන්ටත් බැරි වෙන්න ඉඩ තියෙන දවසක් ලඟ ලඟම වෙන්න පුළුවන්..

ආණ්ඩුවේ ලොකු තැන් සමඟ එකට වැඩ කරන අයට මේ යෝජනාව වැදගත් කියලා හිතෙනවා නම් අදාල තැන් දැණුවත් කරන්න.. සුපිරි වැඩක කොටස්කාරයෙක් වෙන්න..

රට තුල ”වගා විප්ලවයක්” කරන්න සුදුසුම හෝරාවයි මේ..❤️

Wishwa Chinthana



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More