දේශීය පුවත්

කාය චිකිත්සාව සහ ප්‍රජා සෞඛ්‍ය ප්‍රධාන කොට ගත් ආයුර්වේද වෛද්‍යවරුන් 14 දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් කොරෝනා උවදුර මැඩපැවැත්වීම සඳහා විශේෂ වාර්තාවක් සකසා ඇත.එම වාර්තාවේ කෙටි කාලීනව සහ දිගු කාලීනව ගතයුතු විසඳුම් හා ක්‍රියාමාර්ග ඇතුළත් වී ඇත.

කෙටි කාලීන විසඳුම් වශයෙන් වර්තමාන තත්ත්වයට මුහුණ දෙමින් දැනට නිවෙස්වල නිරෝධායනයට ලක්ව සිටින පුද්ගලයින්ගේ ප්‍රතිශක්තීකරණය වැඩි කිරීම සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තිබෙන දැනුම උපයෝගී කර ගනිමින් අවශ්‍ය උපදෙස්,ආහාර,ගති පැවතුම් සහ ඖෂධ මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ලබාදීමට  වැඩපිළිවෙලක් සකස් කිරීම මෙම වාර්තාවේ අඩංගු වී ඇත.

මෙම වැඩපිළිවෙල ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරීන් මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මෙහිදී ප්‍රතිශක්තිකරණ වර්ධන ඖෂධ නිවෙස්වල නිරෝධායනයට ලක්වන 21000 කට පමණ ලබා දීමට සැලසුම් කර ඇත.

එමෙන්ම බටහිර වෛද්‍ය අංශය සමඟ සහයෝගිතා වැඩපිළිවෙලක් දිවයිනේ ප්‍රධාන ආයුර්වේද රෝහල් කිහිපයක් මගින් දියත් කිරීමට යෝජනා කර ඇත.

දිගු කාලීන වැඩපිළිවෙල මගින් දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික කමිටුව යටතේ පිහිටුවා ඇති ආයුර්වේද පර්යේෂණ අනු කමිටුව මගින් කොරෝනා රෝගය මැඩපැවැත්වීම සඳහා විශේෂ පර්යේෂණ පැවැත්වීම සහ දේශීය හා විදේශියන්හි සිටින පුද්ගලයින් විසින් අත්හදා බලනු ලබන කොරෝනා රෝගයට හොඳයැයි ප්‍රකාශ කරන ලද ඖෂධ වර්ග විධිමත් පර්යේෂණ වලට යොමු කිරීමටද කටයුතු කර තිබේ.

මෙම කමිටුව විසින් සකසන ලද වාර්තාව ඊයේ (26) පෙරවරුවේ කමිටුවේ කැඳවුම්කරු ආයුර්වේද විශේෂඥ වෛද්‍ය ටී.වීරරත්න මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා  අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත භාර දෙන ලදී.මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් භද්‍රාණි ජයවර්ධන,රාජ්‍ය ලේකම් විජිතා සෙනෙවිරත්න, ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග,ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති සාගලා අබේවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ද සහභාගි වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More