කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමට අවංක හා සද්භාවයෙන් ආණ්ඩුව ගන්නා සියලු පියවර සදහා කොන්දේසි විරහිතව සහය දක්වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් පක්ෂ නායක රනිල් වික්‍රම සිංහමහතා පවසන්නේ මෙම අර්බුදයට මුහුණදීම සදහා අවශ්‍ය නම් විශේෂ නීති සම්පාදනය කිරිමටපියවර ගන්නා ලෙසයි.
ගෝලීය වශයෙන් වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගැනිමේදී මෙය සැහැල්ලුවෙන් සැලකීමට නොහැකි කාරණයක් බව පවසන රනිල් වික්‍රමසිංහ මහතා විශේෂයෙන් සමාජ දුරස්තකරණය තවදුරටත් පවත්වාගෙනයාම අතිශ්‍ය වැදගත් බව පෙන්වා දෙයි.
සෞඛ්‍ය අංශ පවසන පරිදි අප්‍රේල් මස 04 වනදා සිට 11 වනදාදක්වා මෙම වසංගතය ශ්‍රී ලංකාව තුළ උපරිමයට ලඟාවිය හැකි බැවින් ඉතා සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත්පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...