ගෝලීය අධිවසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොරෝනා වෛරස් ව්‍යාප්තිය, මේ වන විට ශ්‍රී ලංකා රුපියල ද ක්‍රමයෙන් පීඩනයට ලක්කරමින් සිටියි.
ඒ අනුව විනිමය මත බලපා ඇති පීඩනය තවදුරටත් තීව්‍ර කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහටනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 187.10 ක් හා විකුණුම් මිල රු. 191.99 ක් ලෙසින් අද (27) දින සටහන් විය.
මේ අතර අද (27) දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) සටහන් වූයේ රුපියල් 189.25 ක් ලෙසයි.
මෙම තත්ත්වය තුල පසුගිය සතියේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය මත ඇතිවන පීඩනය ලිහිල් කිරීම සඳහා මෝටර් රථ හා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය අත්හිටුවීමට පියවර ගනු ලැබීය.
ඒ අනුව කොරෝනා වසංගතය පැතිර යෑම හේතුවෙන් විනිමය අනුපාතිකය මත ඇති වන පීඩනය ලිහිල් කිරීම සහ මූල්‍ය වෙළෙඳපොළ තුළ ඇති විය හැකි නොසන්සුන්කාරීත්වය වැළැක්වීම සඳහා 1949 අංක 58 දරන මුදල් නීති පනතේ, 1988 අංක 30 දරන බැංකු පනතේ සහ 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාමාර්ග ගණනාවක් හඳුන්වා දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...