දේශීය පුවත්

කොරෝනා වෛරසය රට තුළ මර්දනය කරන තෙක් තමා වෙසෙන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙස මව්බිමට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ්‍රි ලාංකිකයන්ගෙන් රජය ඉල්ලා සිටී.

කොරෝනා වෛරසය COVID-19 රට තුළ පැතිර යාම වැළැක්වීමට රජය පියවර රැසක් ගෙන ඇත.

රට තුළට වෛරසය පැමිණීම සහ පැතිරයාම වැළැක්වීමේ  පියවරක් ලෙස විදේශවලින්  පැමිණීම සම්පූර්ණයෙන් නවතා තිබේ.

සෙසු රටවල ද මෙම පියවර අනුගමය කරමින් රට තුළ ගමනා ගමන කටයුතු මෙන්ම ගුවන් ගමන් ද අත්හිටුවා ඇත. විදේශගත සිසුන්, ව්‍යාපාරිකයන් සහ රැකියාවල නිරත පිරිස් මෙරටට පැමිණීමට කරන  ඉල්ලීම් රට තුළ කොරෝනා වෛරසය මර්දනය කොට තත්ත්වය යහපත් අතට හැරීමෙන් පසු සලකා බලන බව රජය දැනුම් දෙයි.

මේ වන විට තමන් සිටින ස්ථානවලින් ගුවන් තොටුපොළවලට හෝ වෙනත් ස්ථාන වෙත ගමන් කිරීමෙන් ඔවුනට ද මේ රෝගය වැළඳීමේ අවදානමක් පවතී.

එබැවින් තමන් පිළිබඳ තොරතුරු අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ, කොන්සියුලර් ජනරාල් කර්යාලය හෝ සමග හුවමාරු කර ගනිමින් සුරක්ෂිතව සිටින ලෙස මවුබිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ඉල්ලා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More