දේශීය පුවත්

කොළඹ රතුපල්ලියේ පැවැති දේව මෙහෙයකට සහභාගී පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවිම සම්බන්ධයෙන් පල වූ වාර්තා එම පල්ලියේ පිරිසක් ප්‍රතික්ෂේප කළේය.

මේ පිළිබඳව ද අදහස් දැක්වු ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ පසුගිය 13වනදා කොරෝනා ආසාදනය වු රෝගීයෙකු අදාල දේව මෙහෙය සඳහා සහභාගි වී ඇති බවයි.

අද(27) පෙරවරුවේ පැවති අද දෙරණ නාළිකාවේ  සංවාදයට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

කොරොනා වෛරසය ආසාදනය වු එකම පවුලේ පියෙකු සහ පුතෙකු සිටින බවත් ඔවුන් දෙදෙනාගෙන් පුත්‍රයා තමන් එදින රතු පල්ලියේ දේව මෙහෙය සඳහා සහභාගි වු බව පිලි ගන්නා බවත් ඒ මහතා පැවසීය.

එම නිසා මෙම මොහොතෙදි ඇති වී තිබෙව ව්‍යවසනය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අදාල දිනයේ රතු පල්ලියේ දේවමෙහෙය සඳහා සහභාගි වු පිරිස ස්වං නිරෝධායනයට ලක්වන ලෙසට තමන් පවසන බව ද ඒ මහතා පැහැදිල කළේය.

මෙම කරුණු සියල්ල රාජ්‍ය බුද්ධි අංශ යොදවා තහවුරුකර ගත් කරුණු බවද ඒ මහතා පැහැදිලි කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More