කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය හා ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ස්ථාපනය කළ “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට” ලැබෙන පරිත්‍යාග බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
අරමුදල සඳහා විශේෂ ගිණුමක් ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ විවෘත කර ඇති අතර, එහි ගිණුම් අංකය85737373 වේ.
චෙක්පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මඟින් මුදල් තැන්පත් කිරීමට හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි.
අරමුදලට මුදලින් කරන පරිත්‍යාග ගැන අදාළ ලියකියවිලි සමඟ ජනාධිපති කාර්යාලයට දැනුම් දෙන ලෙස පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලා සිටියි.
COVID-19 සෞඛ්ය හා සමාජ සංරක්ෂණ අරමුදල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය සඳුදා ස්ථාපනය කෙරිණි.
එදිනම එතුමාගේ නියමයෙන් ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 100ක් ඊට ප්‍රදානය කරනු ලැබීය.
ජාතිය මුහුණ පා සිටින අභියෝගය හමුවේ මානුෂවාදී හැඟීමෙන් සහ සහෝදරත්වයෙන් එක්ව ක්‍රියාකරන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ දේශීය සහ විදේශීය සමාගම්, විදේශ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන අරමුදල ශක්තිමත් කිරීමට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...