ඉන්දියාව මේ වෙනකොට ආසියානු කලාපයේ ලොකුම ආහාර ද්‍රව්‍ය අපනයන කරැවාය. මැදපෙරදිග කලාපය වගේම ආසියාවේ අප වගේ රටවල් වලට වැඩිම පාරිභෝගික ද්‍රව්‍ය අපනයන කරැවෙක්.
ඔබට මතකද මංදා වරක් රවී කරැණානායක මුදල් ඇමති ලෙස කුඹුරු වගා කරන එක නිෂ්පලයි ලෝක වෙලද පලෙන් අඩුවට ගන්න පුළුවන් කියන කථාව කීවා. නමුත් අදවෙන විට ඉන්දියාව කෝටි 200 ජනතාව සමග රට වසා දාලා .ඉදිරි මාසය ඉන්දියාවේ කොරෝනා වසංගතය කොතනට යාවිද?
ලංකාවේ ඇදිරි නීතිය දිගු කරන්න වේවිද? ආනයන වෙලදාම කොතනට යාවිද යන්න අවිනිශ්චිතය. සල්ලි තිබුනද අවශ්‍ය වෙලාවට සල්ලි කොළ කන්න නොහැකි වන බව අපි දන්නේය. ලංකාව සූදානම් විය යුතුය. මල් පෝච්චියේ ඉදන් ඉඩ කඩ තිබෙන කොතැනක හරි කෙටි කාලීන එළවළු බෝග වගා කර ගන්න පටන් ගත යුතුය.
ඇති තරම් කෙටි කාලීන එළවළු බෝග රට ඇතුලේ තිබේ. දැනට ලංකාවට ඊලග කන්නය වෙනතුරැ කන්න හාල් සහ ලුණු තිබෙන්නේය. පොල් ගෙඩි ලක්ෂ 07ක පලදාවක් ඇස්තමේන්තු ගත වී තිබේ. අප පුළුවන් පුළුවන් තැන් වල එලවළු ගහක් වවගන්න හුරැ විය යුතුය. ඊලග අප්‍රේල් 10 වන තෙක් අපි උග්‍රම අවධානම් කලාපයේ බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පුරෝකථන ඉදිරිපත් කර තිබේ.
ඉන්දියාව අනිවාර්යයෙන් ඊලග සතිය වනවිට ඉන්දියාවෙන් එළියට යන ආහාර භෝග නවත්වන්නේය. ඒ ඉන්දියාවට කෝටි 200ක ජනතාවක් රට වැසීම කියන කාරණය මත නඩත්තු කරන්න සිදුවන නිසාය. සිංගප්පුරැ ජනතාව තමන්ගේ මහල් නිවාස පද්ධති වල එළවළු වවන්නේ මල් පෝච්චි තුළය. ලංකාවේ පර්චස් 10 තුළ ජීවත් වෙන ජනතාව පවා වහ වහා හැකි පරිදි කෙටිකාලීන එලවළුවක් වවා ගෙන ඉදිරි මාස 06 කට සූදානම් විය යුතුය.
අතීතයට අප බැන්නා කියලා ලැබෙන ලබ්බක්ද නැත. අපි අද වෙනකොට කුරක්කන් ඇටයත් ආනයනය කරන තැනට පත්වී තිබෙි. අපි රටක් ලෙස කෙටි කාලීන සහ දිගු කාලීන ජාතික අාහාර ස්වයංපෝෂිත ව්‍යාපෘති වලට යා යුතුය. දැන් මේ,උවදුර මතින් අපිට අපට උවමනා කෙටි කාලීන එළවළු වැනි දේ හැකි පමණ නිවසෙන් හදා ගන්නා තැනට යා යුතුය.
දිගු කාලීන හා මධ්‍ය කාලීන පිළියම් රාජ්‍ය අංශය විසින් සැලසුම් කල යුතුය. ඔබ විසින් නිවස තුළ අනාගත මාස 06 සදහා සූදානම් වන ලෙස අපි රටෙන් බැහැර සිට කියන්නේ ආහාර අවශ්‍යතාවය සදහා අතිරික්ත ආහාර භෝග නිෂ්පාදනය කරන ඉන්දියාව වැනි රටවල් හදිසියේ තම අපනයන නතර කලහොත් හෝ වසංගතය හමුවේ මැදපෙරදිග වැනි මුල්‍ය අතින් ධනවත් රටවල් ඉන්දියාවෙන් වැඩි වැඩියෙන් පාරිභෝගික ද්‍රව්‍ය ගතහොත් ලංකාවට බරපතල හිගයකට මුහුණ දෙන්නට අනිවාර්යයෙන් සිදුවන්නේය.
විකල්පයට. ලංකාවේ වැවෙන ළුණු අර්තාපල් වල සිට කවුපි මුං ඇට දක්වා පරාසයක ආනයනික ආහාර ද්‍රව්‍ය වැඩි වශයෙන් වවාගන්න මැද කාලීන දිගුකාලීන විසදුම් සහ කෙටිකාලීන එදා වේල සම්පුර්ණ කර ගන්න සැලසුම් අපි සකස් කර ගත යුතුය.
කම්මැලිකම පසෙක තබා තමන්ගේ ගෙවත්තේ හිටවන්න පුළුවන් ආහාර භෝගයක් ගැන ඔබේ අවධානය යොමු කරන්න.
නුවන් මොණරවිළ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...