ජාත්‍යයන්තර යුද අධිකරණය ඉදිරියේ පැවති නඩු විභාගයක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු අබ්දුල්ක්වායි අහමඩ් යූසුෆ් මහතා නියෝග කර සිටියේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව පනවා ඇති මානුෂීය සම්බාධක වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ යුතු බවයි. ඒ අනුව අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව පනවා ඇති ඖෂධ සහ වෛද්‍යය උපකරණ,ආහාර සහ කෘෂිකාර්මික උපකරණ සහ ගුවන් යානා උපකරණ අමෙරිකානු සම්බාධක වලින් ඉවත් කර යුතුව ඇත.
ජාත්‍යන්තර යුද අධිකරණය දුන් මෙම තීන්දුව නැවත ඇපෑලට ලක් කිරීමක් අමෙරිකාවට කළ නොහැකි වුවද අමෙරිකාව ජාත්‍යන්තර යුද අධිකරණයේ තීන්දුව ක්‍රියාත්මක නොකළ හොත් එය ක්‍රියාවට නැංවීමට ක්‍රමවේදයක් නැති බව නීති විශාරදයන්ගේ මතයයි.ටෙහෙරාන් පාලනය විසින් පසුගිය අගෝස්තුවේදී වොෂින්ටන් පාලනය ජාත්‍යයන්තර යුද අධිකරණය වෙත පසුගිය අගෝස්තුවේදී කැඳවාගෙන ආ අතර වොෂින්ටනය ජාත්‍යන්තර යුද අධිකරණය හමුවේ දිගින් දිගටම කියා සිටියේ සම්බාධක පැනවීම ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් තීන්දුවක් බැවින් ජාත්‍යන්තර යුද අධිකරණයට මෙම නඩුව විභාග කිරීමේ කිසිදු නෛතික බලයක් නොමැති බවයි.
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...