“..මේ කාමරය තුළ සිටින සියලු දෙනාම කොරෝනා වෛරස ආසාදිතයින්.. අද වන විට තත්ත්වය ඉතා භයානකයි.. අපි විශාල අධීශීතකරණ ට්‍රක් රථයක් ගෙන්වා ගත්තා මළමිනී ගබඩා කරන්න..
ජනාධිපතිවරයාගේ සිට සියලුම නායකයින්, නිලධාරීන්, සෞඛ්‍ය හා රෝහල් ප්‍රධානීන් කියන්නේ හැමදේම හොඳින් සිදුවෙනවා කියලා..
නමුත් අපේ පැත්තෙන් හොඳ නැහැ.. මගේ රෝගීන් වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය පහසුකම් කිසිවක් නැහැ.. මේ අමෙරිකාව.. අපි පළමු ලෝකයේ රටක්.. හදිසි ප්‍රතිකාර අංශයට පැමිණෙන පිරිස වැඩි වෙලා.. අපිට අවශ්‍ය ආරක්ෂිත උපකරණ පවා දැන් නැහැ..
මම අද උදෑසන N95 වර්ගයේ මුඛ ආවරණයක් පැලඳුවා. අද පැලඳූ ඒ මුඛ ආවරණය තමයි පසුගිය සිකුරාදා දිනයේදීත් මම පැලඳුවේ..
හැමදෙනාම කියන්නේ හැමදෙයක්ම හරි යයි කියලා.. නමුත් මෙය මාසයක්, දෙකක්, තුනක් හෝ පහක් පැවැතුණොත් චීනයේ වගේ අපිට අවශ්‍ය කිසිම දෙයක් මෙහේ අපිට නැහැ..
මට මේ ගැන මාධ්‍යයට කතා කරලා ප්‍රශ්නයක් වුණත් ඒ ගැන අවුලක් නැහැ.. මට ජනතාවට කියන්න ඕන මෙය ඉතා නරක තත්ත්වයක්,. මිනිස්සු එක දිගට මැරෙනවා..”
– නිව්යෝර්ක් නුවර එල්ම්හර්ස්ට් රෝහලේ වෛද්‍ය කොලින් ස්මිත්
Original Video : https://www.nytimes.com/video/nyregion/100000007052136/coronavirus-elmhurst-hospital-queens.html
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...